saravita-anim2

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා

TOP STORY - timelapse 3847 hours ago

LATEST

අවුරුද්ද උදාවෙන්නේ සහනදායි පරිසරයක් උදා කරමින්

calendar_today 2023 අප්‍රේ 14 - 07:56 remove_red_eye - 451  

පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද්දී සැවොම දැවැන්ත අර්බුදයකට මැදිව සිටියත් මේ වසර අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමටම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමින් බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අලුත් අවුරුදු පණිවිඩය යොමුකරමින් පවසයි.

ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා තිබූ තහනම නිළ වශයෙන් ඉවත් කර ඇත.

Read More

උත්සව සමයේ බෙදාහරින ඉන්ධන ප්‍රමාණය දිනකට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 5500 දක්වාත් ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4650 දක්වාත් වැඩි කිරීමට කටයුතු කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය අප්‍රේල් 25 වැනිදා සිට විවාදයට ගන්නා බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Read More

තමන් සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය සතියේ පැවති බවට වෙබ් අඩවික පළවූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තමන් පසුගිය සතියේ දිවයිනෙන් බැහැරව සිටි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වීමට නියමිත විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

Read More

පැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් අනතුරුව අද (08දා) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

Read More

ඒ අනුව 2022 මාර්තු මාසයේදි විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 318.4ක් වූ අතර එය මේ වසරේ මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 568.3ක් දක්වා සියයට 78.5කින් වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ උග්‍ර වූ මූල්‍ය, බාහිර සහ මූල්‍ය අංශයේ අසමතුලිතතාවය සහ දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බව ලෝක බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බවත් 2024දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

Read More

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,005කින් අද මධ්‍යම රාත්‍රියේ අඩුවන බව ලිට්‍රෝ ලංකා සමාගම පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව සිල්ලර මිල රුපියල් 3,728 කි. මීට සමගාමීව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රුපියල් 402 කින් අඩු කෙරෙන අතර නව සිල්ලර මිල රුපියල් 1502 කි. කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 183කින් අඩු කෙරෙන අතර නව සිල්ලර මිල රුපියල් 700කි.

Read More

ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රු. 1000ක පමණ අගයකින් හෙට මධ්‍යම රාත්‍රි යේ සිට අඩුකිරිමට නියමිතය.

Read More

කොළඹ අග නගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවේ.

Read More

ඩෙංගු හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1350 ක මුදලක් ලබාගත් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් අධිකරණයෙන් නියම කළ බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යු. රන්ජන මහතා පැවසීය.

Read More

තමා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස උද්ධමනය සියයට 50.3 ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ අධි උද්දමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් වසරකට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.

Read More

ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයකින් රු. 1.63ක්, 95 පෙට්‍රල් ලීටරයකින් රු 1.15ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු 0.04 සුපර් ඩීසල් ලීටරයකින් රු 2.26 හා භූමිතෙල් ලීටරයකින් රු 2.26ක ලාභයක් ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ දත්ත සටහනක දැක්වෙයි.

Read More

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයකි රුපියල් 60 කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 කින් , ලංකා ඔටෝට ඩීසල් ලීටරයක් රුපියල්රු 80 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45 කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහළ දමන බව ඔහු කීවේය.

Read More

අද උදෑසන 6 ට කොළොන්නාව සහ මිතුරරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සමාගම් හතක් සිය අභිලාෂ ප්‍රකාශ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ගෙවීමට නියම වූ රු. කෝටි 10ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් තවත් ඉතිරිව ඇත්තේ මාස 3ක කාලයක් පමණක් බවත් මේ වන විට තම හිතවතුන්ගෙන් මුදල් එකතුකරමින් සිටින බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලැබුණ පළමු ණය වාරිකයෙන් කොටසක් මාර්තු හා අප්‍රෙල් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම‍ වෙනුවෙන් යොදා ගන්නා බව මහා භාණ්ඩාගාරය දන්වා ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ඉදිරි මාස හතර තුළ භාණ්ඩ 100 සිට 150 දක්වා ආනයන සීමා ඉවත් කිරීමට රජය කටයුතු කරන බව භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති.

Read More

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක් දක්වා පලාගිය පුද්ගලයෙකු සොයා ගොස් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .

Read More

කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ 2023.03.23 දින පෙ.ව 8.30ට පමණ සිව් මහල් ගොඩනැල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රි ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර, තවත් ලාංකිකයෙකු අතුරුදන් වී තිබේ.

Read More

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ව්‍යාපාරිකයන් නොපැමිණීම හේතුවෙන් සීඝ්‍රයෙන් එළවළු තොග මිල පහත වැටී අලෙවිකර ගැනීමට නොහැකි තත්වයකට 23 දින උදෑසන සිට පවතින බව ගොවීන්හා වෙළෙන්දන් පවසති.

Read More

සහනදායි බදු පදනම මත වාහන ආනයනය කරන පුද්ගලයන්ගේ මෙන්ම ආයෝජන මණ්ඩලයේ බදු සහන බදු විරාම ලබාගන්නා ආයතනවන ලේඛනය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් බවත් ලෝකයේ අනෙකුත් රටවල් සමග සැසදීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම පහළම මට්ටමක බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.