පෙම්වතිය බලන්න ගොස් සිටියදී අතුරුදන් තරුණයාගේ සිරුර හමුවෙයි
ඉකුත් අප්‍රේල් මස 22 වනදා අතුරුදන් වූ තරුණයා ඝාතනය කර මෘත ශරීරය පුළුස්සා මාදම්පේ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක දමා තිබියදී අද 07දා පෙරවරුවේ සොයා ගැනීමට හැකි වී ඇති බව පොලීසිය පවසයි
සිය පෙම්වතියගේ නිවසට ගොස් සිටියදී ඉකුත් අප්‍රේල් මස 22 වනදා අතුරුදන් වූ කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි සුසිත ජයවංශ නැමැත්තා මෙසේ ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබේ.
අදාළ අතුරුදන්ව ඇති තරුණයා අවසන් වරට තම පෙම්වතියගේ නිවස වූ වස්සාවුල්ල සිඟිති නමැති අයගේ නිවසට ගොස් ඇති බව මූලික විමර්ශන මගින් හෙළිව තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් දින ගණනාවක් තිස්සේ විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන කටයුතු අරඹා තිබේ.
එසේ පරීක්ෂණ කටයුතු සිදුකරමින් යන අතරවාරයේ සිඟිති නමැත්තාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබූ අතර, කොට්ඨාස අපරාධ විමර්ශකයින් දිගින් දිගට කළ ප්‍රශ්න කිරීම් හමුවේ සුසිත් නමැත්තාගේ දේහය පිළිබඳව අනාවරණය කරගත් තොරතුරු අනුව අද පෙරවරුවේ ඔහුගේ දේහය සොයා ගෙන තිබේ.
මේ අතර තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට සුජිත් ප්‍රනාන්දු නොහොත් 'සිඟිති' නැමැත්තෙක් අත්අඩංගුවට පත්වූ අතර ඔහු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ 06දා නියෝග කළේය.
මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
