saravita-anim2

2025 ජුනි මස 29 වන ඉරිදා

2025 ජුනි මස 29 වන ඉරිදා

TOP STORY - timelapse 3377 hours ago

LATEST

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති

calendar_today 2023 මැයි 17 - 13:46 remove_red_eye - 715  

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

RAMIS සහ Legacy පරිගණක පද්ධතිවලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 දෙසැම්බර් 31 දින වන විට ලැබිය යුතු මුලු හිග බදු, දඩ හා පොළී මුදල රුපියල් 904,342,180,778 ක් බව (බිලියන 904) කෝපා කමිටුවේදී අනාවරණය විය.

Read More

කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කළේ, රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවය.

Read More

පළාත් තුනක ‌ආණ්ඩුකාරවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

කොළඹ නගරය ආශ්‍රිතව ත්‍රවිධ හමුදාව යොදවා සිටින්නේ හදිසි අවස්ථාවකදී ක්‍රියා කල යුතු ආකාරය ගැන පෙර පුහුණුවක් ලබා දිම සදහා බව යුද හමුදා මුලස්ථානය සදහන් කරයි

Read More

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පාඩු ලබන සහ ලාභ ලබන රාජ්‍ය ආයතන 430ක් හඳුනාගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

ක්‍රමය වෙනස් කරන්න නම් ප්‍රථමයෙන්ම ක්‍රමයට ඇතුළත් වන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

වෙලේවැව සමෘද්ධි බැංකුවේ ලක්ෂ බැංකු ශාඛාවේ ලක්ෂ 450 කට අධික මුදලක් වංචාකල සිද්දියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගත් එම බැංකු ශාඛාවේ හිටපු ප්‍රධාන කළමණාකරුවන් , මුල්‍ය අයකැමි ඇතුළු සැකකරුවන් ඇතුළු හය දෙනෙකු මැයි 26 දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කරන ලෙසට ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය වංචා ඒකකයට නියෝග කළාය.

Read More

කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද ( 12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද කොස්ලන්ද පොලීසිය කියයි.

Read More

ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

ඉකුත් වසරේ මැයි මාසයේදී අරගලකරුවන් විසින් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදී බේරේ වැවට දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමේ සිද්ධියක් මත තමන්ට පහර දුන් බවට, පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල තලංගම පොලිසියට සිදුකල පැමිණිල්ලෙහි සදහන් බවද පොලීසිය පවසයි.

Read More

දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 607.5 ක් නීති විරෝධීව ආනයනය කළ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Read More

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු කොටස් ඉන්දියාවේ ටාටා සමාම වෙත පැවරීමට මූලික වටයේ සාකච්ඡාවක් සිදුවන බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

කළුතර ලැගුම්හලක පස් වන මහලින් බිමට ඇද වැටී අභිරහස් ලෙස මියගිය බව කියන 16 හැවිරිදි රූමත් පාසල් සිසුවිය එම ලැගුම්හලට රැගෙන ආ බව කියන මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.

Read More

හිටපු අමාත්‍ය, පොදු ජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය. බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී තිබේ. ඔවුන් 05/07 දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

Read More

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි විය.

Read More

ජනතාවට සවන් දෙමින් ‍උසස්‍පෙ‍ළ වි‍භාගයේ ‍උත්තරපත්‍ර පර‍ික්‍ෂා කිර‍ිමට කටයුතු කරන බව වි‍ශ්වවිද‍්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. කො‍ළඹද‍ි පැවැති මා‍ධ‍්‍ය හමුවකචදී ‍ඔවුන් මේ බව පැවැස‍ිය. කෙසේ වෙතත් වෘත්ත‍ිය ක්‍රියාමාර්ගය වෙනත් පැතිකඩ ‍ඔස්සේ ඉදිරියට ගෙන යන බවත් ඔවුන් සඳහන් ක‍‍ළේය.

Read More

ලබන ජූලි මාසයේදී විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

මෙම වර්ෂයේ පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් සහිතව සේවයේ වාර්තා කිරීමට ඉඩකඩ සලසා දිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

මේ වසර සඳහා රුපියල් බිලියන 4979 ක දළ ණය ගැනීමේ සීමාවක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ලිට්‍රෝ කිලෝ ග්‍ර‍ැම් 12.5 ග‍ෘහස්ත ග‍ැස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පම‍‍ණ හෙට ම‍ධ‍්‍යම රාත්‍රියේ සිට ප‍හ‍‍ළ දමන බව ලිට්‍රෝ ස‍භාපති මුදිත ප‍ිරිස් මහතා අද කො‍ළ‍ඹද‍ි පැවැති මාධ්‍ය හමුවකද‍ි ‍පැවැස‍ිය.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 50.3හි සිට 2023 අප්‍රේල් මාසයේ දී සියයට 35.3 දක්වා පහළ යෑමක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රට පිළිබඳ අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දමා තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටෙන් 92 ලීටර්යක් රුපියල් 7කින් පහත දමා තිබේ.

Read More

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ “ජනාධිපති පරිසර සම්මාන 2021-2022” සම්මාන උළෙලේදී මුද්‍රිත මාධ්‍ය අංශයේ රන් සම්මානය සහ ලෝකඩ සම්මානය යන සම්මාන දෙකම දිනා ගැනීමට අද පුවත්පතෙහි මාධ්‍යවේදීහු සමත් වූහ. රන් සම්මානය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් දිනාගත් අතර ලෝකඩ සම්මානය දිනා ගැනීමට නිදර්ශනී වික්‍රමසිංහ සමත් විය.

Read More

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් පනවා තිබේ.

Read More

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරයට එක් වන සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් හා අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

නිව් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හරහා ශ්‍රී ලංකාවට වන්දි ලබාගැනීම වෙනුවෙන් නඩු පැවැරීම වැළැක්වීම වෙනුවෙන් චාමර ගුණසේකර නැමැති පුද්ගලයෙකුගේ ගිණුමට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක පමණ මුදලක් අල්ලස් වශයෙන් බැරවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

ආරක්ෂක හේතූන් මත කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයෙදි පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ එම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වුවහොත් තම සහාය ඔහුට පළ කරන බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.