අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු යයි
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්ර්න් මහතා හදිසියේම සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. පස්වරු 3.12ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK348 ගුවන් යානයෙන් ඔහු සිංගප්පූරුවට පිටත්ව ගොස් තිබේ.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ලෙස කටයුතු කරන සමයේදී මත භේදයට තුඩු දුන් මහ බැංකු බැදුම්කර පිළිබඳ කෝප් කමිටු වාර්තාව හෙට (28දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටු වාර්තාව හෙට සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෝප් ලේකම් කාර්යාලය කටයුතු කරන අවස්ථවේ බැඳුම්කර ගණුදෙනුවේ වගකිවයුතු ප්‍රධාන පුද්ගලයා රටින් පැනගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මීට සුළු මොහොතකට පෙර රටින් පිටව ගොස් ඇති බවත් එසේ පැන ගොස් ඇත්තේ පොඩි සතෙක් නොව තෝරකු බවත් ඔහු පැවැසීය.
ටී.කේ.ජී. කපිල/චාමර සම්පත්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

