ලබන වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප්‍රථමව යාපනය, මහනුවර හා ගාල්ල නගරවලට මෙට්‍රෝ බස් සේවය හඳුන්වාදෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. එම නගර තුන වෙනුවෙන් මෙට්‍රෝ බස් රථ 50ක් මිලදි ගෙන ධාවනයට එක් කිරීමට නියමිත බවද ඒ මහතා පැවැසිය. එම බස් රථ මිලදි ගැනිමත් සමගින් මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 170 සීමාව ඉක්මවනු ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.
