වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
මධ්‍යම පළාතට දිනේන දින ඇදහැලෙන අධික වැසි හේතුවෙන් වගා භූමිවල වගාකර ඇති බෝග රැසකට බලපෑම් එල්ල වී ඇතැයි ගොවි සංවිධාන රැසක් කියා සිටිති.
මේ වනවිට එළවළු බහුලව වගාකෙරෙන මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක වලට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් සිය වගාබිමි වල අස්වනු නෙලිම්,කෘෂි රසායන යෙදිම් ආදිය නිසි පරිදි සිදුකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ගොවින් ගැටළු රැසකට මුහුණදෙමින් සිටින බැවි ගොවි සංවිධාන අවධාරණය කරති.
මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල පවතින එළවලු මිල ගනන් අධික ලෙස පහල යාමද ගොවි නිෂ්පාදන කෙරෙහි බලපෑම් ඇති කර ඇති බව කියා සිටින ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ මේ දිනවල එළවළු වල සිල්ලර මිල රුපියල් එකසිය පනහේ සිට එකසිය අසූව දක්වා පහත බැස ඇති බවයි.
වගා ක්ෂේත්රයන් හි ජලය බැස නොයෑම,අස්වනු කුණුවීම ආදිය හේතුවෙන් බලාපොරොත්තු වු පරිදි අස්වනු නෙලීම මේ වන විට අඩාල වී ඇති බැවි කියා සිටින ගොවින් අවධාරණය කර සිටින්නේ වැසි තත්ත්වය හේතුවෙන් එළවලු ගොවින් තවදුරටත් අසරණ වන බවයි.
කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ ඉදිරි දිනවල දි රටතුළ වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එළවළු තොග සපයන නාඋල පිහිටි අඹන ගොවිසංවිධානය කියා සිටියේ එළවලු ගොවීන්ට වඩා අතරමැදි කණ්ඩායම් එළවලු වලින් මුදල් උපයාගන්නා බවයි.
මිල අඩුවන සමයන් හි එළවළු ගබඩාකර තබාගැනීම සදහා දඹුල්ලේ ඉදිකල ශිතාගාරයද මේ වන විට අක්‍රීය මට්ටමේ පැවතීම කණගාටුවට කරුණක් බව ද එම ගොවි සංවිධානයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

