ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඉන්දියාවේ පැවති " එම්.ආර්.එෆ්. - ඉන්දීය ජාතික මෝටර් රථ ධාවන ශූරතා තරගාවලිය - 2026 ( MRF - Indian National Chalange - 2026 ) සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ " මෝරා " මෝටර් රථ ධාවන ශූරයින්ගේ කණ්ඩායම
(Mora Racing Team ) එම තරගාවලියේ , තුන් වන මෝටර් රථ ධාවන තරගයේ ප්රථම , දෙවන සහ තුන් වන ස්ථාන දිනා ගනිමින් ,
මෙරටට කීර්තියක් ද රැගෙන 09/27 දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම මෝටර් රථ ධාවන තරගාවලිය ඉන්දීය මෝටර් රථ ධාවන ශූරයින් 22 දෙනෙකුගේ සහ ශ්රී ලාංකික මෝටර් රථ ධාවන ශූරයින් තිදෙනෙකුගේ සහභාගීත්වයෙන් 09/26 සහ 09/27 යන දින වල මෝටර් රථ ධාවන තරග 03 ක් ලෙස , ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි .
එහිදී තුන් වන මෝටර් රථ ධාවන තරගයට සහභාගී වූ ශ්රී ලාංකික මෝටර් රථ ධාවකයින් තිදෙනා , අනෙකුත් සියලුම ඉන්දීය මෝටර් රථ ධාවකයින් අභිබවා ප්රථම ස්ථානය ආදම් ජුනයිඩ් , දෙවන ස්ථානය කවීන් රාජපක්ෂ සහ තුන් වන ස්ථානය සවුරික ලිවිදු යන මෝටර් රථ ධාවකයින් දිනා ගැනීමට සමත් වී තිබුණි .
මීට අමතරව දෙවන මෝටර් රථ ධාවන තරගයට ද සහභාගී වූ ශ්රී ලාංකික මෝටර් රථ ධාවන ශූර කවීන් රාජපක්ෂ එහි ප්රථම ස්ථානයත් , ආදම් ජුනයිඩ් එහි දෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත් වී තිබුණි .
මෙම ජයග්රහණයන් රැගත් ශ්රී ලාංකික යොවුන් මෝටර් රථ ධාවන ශූරයින් තිදෙනා 09/27 දින රාත්රී 10.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා මෙම මෝටර් රථ ධාවන ශූරයින්ගේ දෙමාපියන් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

