කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංගප්පූරුවේ ජනප්‍රිය ජලාශයක කිඹුලෙකු සිටින බව පෙන්වන, කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද රූපයක් පළ කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකුට එරෙහිව පොලිසිය විසින් නඩු පවරා තිබේ.
අදාළ ඡායාරූපය සහ එය නිර්මාණය කිරීමට භාවිතා කළ යෙදුම මකා දැමූ බවට චෝදනා එල්ල වී ඇති 'යේ ලින්'නම් පුද්ගලයාට, අසත්‍ය පණිවිඩයක් ප්‍රචාරය කිරීම සහ අධිකරණ කටයුතුවලට බාධා කිරීම යන චෝදනා එල්ල වී ඇත.
මෙම ව්‍යාජ රූපය මහජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කළ බව බලධාරීන් පවසයි. කිඹුලෙකු දැක ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු, පසුගිය මාසයේ දින දෙකක් පුරා එම නගර-රාජ්‍යයේ විශාලතම ජලාශයේ කටයුතු ජාතික ජල සම්පත් ඒජන්සිය විසින් අත්හිටුවන ලදී.
මියන්මාර ජාතිකයෙකු වන යේ ලින්, තමා වරද පිළිගැනීමට අදහස් කරන බව පරිවර්තකයෙකු මාර්ගයෙන් අධිකරණයට ප්‍රකාශ කළ බව දේශීය මාධ්‍ය වාර්තා කරයි.නගර මධ්‍යයට බටහිර දෙසින් පිහිටි 'පන්ඩාන්' ජලාශය, ජෝගිං (jogging) සහ කයාකිං (kayaking) ක්‍රියාකාරකම් සඳහා ජනප්‍රිය ස්ථානයකි.
පන්ඩාන් ජලාශයේ කිඹුලෙකු සිටින බව දැක ඇති බවට අගෝස්තු 20 වන දින තමන්ට දැනුම් දුන් බව ජාතික ජල සම්පත් ඒජන්සිය
පැවසීය. ඒජන්සියේ නිලධාරීන් සහ ජාතික වනෝද්‍යාන කාර්ය මණ්ඩලය එම ප්‍රදේශයේ සෙවීමේ සහ අල්ලා ගැනීමේ මෙහෙයුම්
සිදු කළහ. සිංගප්පූරු ඔරු පැදීමේ සංගමයට සහ සිංගප්පූරු කැනෝ සම්මේලනයට තම ක්‍රියාකාරකම් අත්හිටුවන ලෙස උපදෙස් දෙන ලදී.
කෙසේ වෙතත්, පසුදින ජල සම්පත් ඒජන්සිය විසින් එම කිඹුලාගේ රූපය ව්‍යාජ එකක් බව තහවුරු කරගත් අතර ඒ පිළිබඳව පොලිසියට වාර්තා කරන ලදී.
මෙම නඩුව නැවත නොවැම්බර් මාසයේදී අධිකරණය හමුවේ විභාගයට ගැනෙන අතර, වරදකරු වුවහොත් යේ ලින්ට සිර දඬුවමකට සහ විශාල දඩ මුදලකට මුහුණ දීමට සිදුවිය හැකිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
