මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන එජාප මන්ත්‍රීවරු විවාදයක් ඉල්ලති
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්සඳහා මරණීය දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙන හෙයින් මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම සුදුසු යැයිද එබැවින් මෙම තීරණය ගත්බවද කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ඒ ගැන පාර්ලිමේන්තුවේ අදහස් දැනගැනීම වැදගත් බවද පැවසූමුජිබර් රහුමාන් මහතා මේ සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙම විවාදය පවත්වන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.

popular news
-
Champa Monday, 16 July 2018 09:34 AM
මත්තල ගුවන් තොටුපොල ඉන්දියාවට ඩොලර් මිලියන් 300ක් වගේ සොච්චම් ගානකට විකුණලා ඉවර වෙනකම් "එල්ලුම් ගහ ඇදගෙන යයි වගේ". කිලෝ මීටර් 16ක් යන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ඩොලර් මිලියන් 1700ක් ණය ගන්නවා. අපේ ඉතා වටින සම්පතක් වන දෙවෙනි ගුවන් තොටුපොලයි, උඩ අහසයි, මත්තල වටේ ඉඩම් ටිකයි ඔක්කොම දෙන්න යන්නේ ඩොලර් මිලියන් 325 කට!!!! ඉන්දියාවේ ඉලක්කේ මාසෙකට රුපියල් බිලියන් 1.7ක් උපයන එකලු. අවුරුදු 40කට දෙනවා. හදිසියේ ඊලඟ ආණ්ඩුව ආපහු ගන්න ගියත්, ඉන්දියාව ආයෝජනය කරපු මුදල එක්ක මේ ගාන එකතු කරල බර ගානක් ඉල්ලයි. රනිල්ට කිසිම අයිතියක් නැහැ මත්තල විකුනන්න. මේවට කැරලි ගහන්න ඕනේ හරි නම්. රනිල්ට ඕනේ විදියට රටේ සම්පත් විකුනන්න ඉඩ දීල බලා ඉන්න මොකෝ අපි කල්ලතෝනිද? මේක් අත්සන් කරන එක නවත්තන්න ඕනේ කොහොම හරි. මාගම්පුර වරාය විකුණන කොට කිව්වා රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නැහැ කියල විකිණුවේ නැත්නම්. දැන් ඒක විකුනලා මාස කීයද, මත්තල ගුවන් තොටුපොලත් විකුනනවා. චීන්නු වගේ නෙමෙයි ඉන්දියාවට දුන්නොත්. ආයේ කවදාවත් ආපහු ගන්න බැහැ. එල්ලුම් ගහේ නැගල ඉන්න හැමෝම දැන් ඒකෙන් බැහැල රනිල් මත්තල විකුනන එකට සම්පූරණ විරෝධය පල කරන්න ඕනේ.
Reply : 1 0
Champa Monday, 16 July 2018 09:45 AM
අනිත් අතින් විමල් අර නිවේදනේ කියලා තියෙනව වගේ ආරක්ෂාව අතින් ඉතා බරපතල තර්ජනයකට අපිට මුහුණ දෙන්න වෙනවා. අපිට දකුණු මුහුදයි දකුණේ ගොඩ බිමයි දෙකම නැති වෙනවා. මේ කිට්ටුවටවත් අපිට යන්න බැරි වෙනවා. ඊළඟට වෙන බරපතලම ප්‍රශ්නේ අපේ අහස වෙන රටකට පාවිච්චි කරන්න දෙන එක. අපේ රටේ ආරක්ෂාවට ප්‍රශ්න ඇති වෙනවා. තනිකරම අපේ රටේ ස්වෛරීභාවය නැති වෙනවා. අපිට ඉන්දියාවට ඕනේ විදියට වැඩ කරන්න වෙනවා. මේ වගේ මුග්ධ කමක් තවත් තියෙනවද? කටුනායකින් අපිට ලැබෙන ආදායම බලා ඉන්දත්දී අඩු වෙයි. ඊළඟට කටුනායක flight schedule එක හදන්න වෙන්නේ ඉන්දියාවට ඕනේ විදියට. India is a bully. අපිට මහා විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මේක නවත්තන්න ඕනේ. ඉන්දියාව එක්ක කිසි රටක් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ ලේසියෙන්. අවුරුදු 7-8 සාකච්චා කරනවා. දකුණු කොරියාව ETCA අත්සන් කලේ අවුරුදු 7ක් සාකච්චා කරලා. කැනඩාව දැන් අවුරුදු 8-9ක් තිස්සේ සාකච්චා කරනවා. දැන් අතාරලත් දාලද කොහෙද. මේ වැඩේ කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. විමල් කියන එක ඇත්ත. මේක ETCA වලටත් වඩා භයානකයි. මේක නවත්තන්න ඕනේ.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

