saravita-anim2

2025 ජුනි මස 22 වන ඉරිදා

2025 ජුනි මස 22 වන ඉරිදා

Latest News - timelapse 2147 hours ago

LATEST

බීමත්ව රාජකාරී කළ උප පොලිස් පරික්ෂකට වැඩ වරදියි

calendar_today 2024 පෙබ 16 - 15:10 remove_red_eye - 527  

බීමත්ව රාජකාරියේ නිරතව සිටි බවට නිකවැරටිය මූලස්ථාන පොලීසියේ නිලධාරීයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

සෞඛ්‍යය සේවාවේ වෘතීය සමිති 72ක් ඒකාබද්ධවී සිදුකල වැඩවර්ජනය පසුගියදා තාවකාලිකව නවතා දැමුනා. සෞඛය අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සිදුකල සාකච්ඡාවේදී ඊට අදාල වෘතීය සමිති සංගම් නියොජිතයන් කිසිදු එකඟතාවයකට පත්ව තිබුනේ නැහැ.

Read More

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දී ගුවන් හමුදා නිලධාරියකු දුම්රියක ගැටීමෙන් ඊයේ 15 සවස මියගිය බව බම්බලපිටිය පොලිසිය කියයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශයට ඔක්සිජන් ලබාගැනීමට තිබූ මුදල්වලින් රුපියල් කෝටි 14 1/2ක් මෙම ඖෂධ මිලදී ගැනීමට සඳහා සැපයුම්කරුට දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නාය.

Read More

කළ යුතු සුළු සුළු වැඩ කිරිම වෙනුවෙන් විමධ්‍යගත අරමුදල් ලැබෙන තෙක් බලා නොසිටින ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ඉහළ කොත්මලා ජලාශයේ තලවකැලේ සමුපකාර ප්‍රධාන කාර්යාලය ආශ්‍රිත දැඩි ගැඹුරකින් යුත් ස්ථානයකට මෙම තරුණිය වැටී ඇති අතර, ඇය ජලාශයේ දලගමින් සිටින අයුරු දැක ඇති නගර වැසියන් ක්ෂණිකව ක්‍රියාත්මකවීම හේතුවෙන් ඇයගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වී තිබේ.

Read More

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසින් කර්මාන්ත කරගෙන යාම සඳහා ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් නොකළ හොත් ඉදිරි කාලයේදී කර්මාන්ත සිය ගණනක් මූල්‍ය ආයතන විසින් අත්පත් කර ගන්නා බව ශ්‍රි ලාංකික ක්ෂුද්‍ර, සුළු, කුඩා හා මධ්‍ය වානිජ මණ්ඩලය සඳහන් කරයි.

Read More

සංවිධානාත්මක අපරාධ සිදුකරන හා මත්ද්‍රව්‍ය ජාවරමට සම්බන්ධ ව සිට මෙරටින් පලාගොස් සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් මේ වන විට නිකුත් කර තිබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

Read More

කාන්තා පොලිස් කොස්තාපල්වරියට ලිංගික අතරව කළ බවට ඉදිරිපත් වී ඇති චෝදනා අනුව කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් බිලියන 28 ක් වාර්තා කර ඇති බවත් එය 2023 වසර වන විට රුපියල් බිලියන 4 දක්වා අඩුව ඇති බවද

Read More

විධායක ජනපතිධුරය තමන් භුක්ති විද අවසන් බවත් එය අහෝසි කිරීම හොඳ දෙයක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබේ .

Read More

2023 වර්ෂයේ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් නව විදුලි සැපයුමක් ලබාදීමේදී අයකර ගනු ලබන පාරිභෝගික තැන්පතු මුදල වෙනුවෙන් රුපියල් කෝටි 112 කට ආසන්න මුදලක් පොලී ලෙස ගෙවා ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයට නිවේදනය කරයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

Read More

වසර පහකට පසුව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන නිසාවෙන් අතිවිශාල ජනතාවක් ක්‍රිඩා තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙමින් සිටිති.

Read More

වසර 37ක් පුරාවට මෙරට දේශප්‍රේමී ජනතාව තුල පැවති සිහිනයක් සබෑ කරමින් පළාත් සභාවලට ලබා දුන් පොලිස් බලතල ඉන් ඉවත්කිරීමට අවස්ථාව උදාවී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතියේ පළමු අදියර අද (15දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජපන් දූත පිරිසක් අතින් විවෘත කෙරුණු අතර ඊට විරෝධය පල කරමින් දේශවාසීහු පිරිසක් එම ජල පවිත්‍රාගාරය ඉදිරිපිටට පැමිණ ඔවුන්ගේ දැඩි විරෝධය පල කලහ.

Read More

දිවයින පුරා ජාතික පාසල් 396 ක් හා පළාත් පාසල් 9730 ක් වශයෙන් මුළු පාසල් සංඛ්‍යාව 10126 කි. ඒවායේ සේවය කරන මුළු ගුරු සඛ්‍යාව 236,738 කි.එයින් 56,817 ක් ගුරුවරු වන අතර ගුරුවරියන් ගණන 179,921 කි.එය මුළු ගුරු සංඛ්‍යාවෙන් සියයට 76 ක ප්‍රතිශතයකි.

Read More

2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2024-02-16 වන සිකුරාදා දින අවසන් වන අතර, 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2024-02-19 වන සඳුදා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Read More

කුරුනෑගල වෙලගෙදර පොලිස් වසමට අයත් හැවැන්පොල ප්‍රදේය‌ේ නිවසකට යාබද ළිඳක් තුල බිළිදු මළ සිරුරක් පසුගිය 14දින ලද තොරතුරක් මත වෙලගෙදර පොලීසිය විසින් සොයාගෙන තිබුනා

Read More

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකු පදවාගෙන යමින් සිටි මෝටර් රථයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය තිබූන බවට බියකර රුපියල් 3,60000/= මුදලක් වංචා සහගත ලෙස ලබා ගත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කළ බව මොරගහහේන පොලිසිය කියයි

Read More

ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථික සංවර්ධනයේ ආකර්ෂණීය මධ්‍යස්ථානයක් ලෙස නම් කරමින් (JICA) ජයිකා ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අඛණ්ඩව සහාය වන බව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙහි (JICA) සභාපති ආචාර්ය තනාකා අකිහිතෝ මහතා පවසයි.

Read More

ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයෙකුට සහාය ලබාදීමට තමන් තවමත් තීරණය කර නොමැති බවත් එසේ තීරණය කර ඇති බවට ජනමාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බවත් හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

Read More

මේ වන විට වෙළදපළේ බීළූණු බීජ කිලෝ එකක් රුපියල් 35000ක් පමණ වන බවත් වගා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් බිජ නොතිබීම නිසා ආනයනය කිරිමට සිදුවන නිලධාරින් පෙන්වා දී තිබෙනවා.

Read More

රිලවුන්ගේ ගොවිතැනට සිදුවන හානී අවම කිරීම සඳ කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ගොවි සංවිධාන වෙත වායු රයිෆල ලබාදිමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

මෙලෙස මියගොස් ඇත්තේ උග්ගල්බඩ, මහවේදුගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ජී.එම්.ලක්මාල් නැමති තරුණයෙකි. කළුතර උතුර පොලිස් වසමේ උග්ගල්බඩ ගල්දෙක මාර්ගය ඔස්සේ මහදුවේගම සිට ජනරජ මාවත දෙසට ධාවනය වූ මෙම යතුරුපැදිය උග්ගල්බඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබූ බවවිමර්ශන වලදී අනාවරණය වී ඇත.

Read More

ඉකුත් දින දෙක තුල හා අද (15) දින බදුල්ල දිස්ත්‍රික්කයේ වායු ගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය පැවතිය යුතු මට්ටම ට වඩා (Air quality index) වැඩි ප්‍රමාණයක් දිස්ත්‍රික්කය පුරා පැතිර පවතින බවත් , එය ජනතාවගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වයට බලපෑම් කරන බවද හෙතෙම කීය .

Read More

ලෝක ආහාර සංවිධානයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක මෙම වැඩසටහනේදී දිස්ත්‍රික්කය තුළ පවුල් 302 සම්බන්ධ කරගෙන ගොවිපොළවල් ඇතිකිරීමට නියමිතය.

Read More

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 535 අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 121 ඇතුළු සැකකරුවන් 656 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.