saravita-anim2

2025 ජුනි මස 22 වන ඉරිදා

2025 ජුනි මස 22 වන ඉරිදා

Latest News - timelapse 2138 hours ago

LATEST

මහාධිකරණ විනිසුරුවරයෙකුගේ නිවස සොරු බිඳියි

calendar_today 2024 පෙබ 18 - 17:37 remove_red_eye - 474  

කොළඹ අලුත්කඩේ සිවිල් අභියාචනාධිකරණයේ මහාධිකරණ විනිසුරුවරයෙකුගේ කිරුළපන ශ්‍රී සිද්ධාර්ථ මාවතේ දෙමහල් නිවසින් රුපියල් 271500/= දේපළ සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කිරුළපන පොලිසිය කියයි.

පිළියන්දල- මහරගම ප්‍රධාන බස් මාර්ගයේ නීලම්මහර මංසන්ධියේ (18) වන දින අලුයම 12.10 ට පමණ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් (19) වැනි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙක් මියගිය බව මහරගම පොලිසිය කියයි

Read More

මාලිගාවත්ත බෝධිරාජා මාවත නිවසකට අනවසරයෙන් ඇතුළු වීමට ගිය කොස්තාපල්වරයෙකු ගේ සරම ගැලවී යාමත් සමගම නිවැසි කාන්තාවගේ කෑ ගැසීමෙන් එක්රැස්වූ ප්‍රදේශවාසීන්ගේ පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මාළිගාවත්ත පොලිසිය කියයි.

Read More

මෙම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇති අතර කොට්ටාව රුක්මල්ගම නඩු දෙනිය පාර ප්‍රදේශයේ තාවකාලික බෝඩිමකට මීට දින තුනකට පමණ පෙර පැමිණ තිබේ

Read More

ළමා සහ කාන්තා හිංසය පිලිබදව සෙවිමට බස් රථයට නැගි උපාය දුතිකාවකට ලිංගික අතවර කිරිමට තැත් කල පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු (17) දින සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාදනි මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (22) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.

Read More

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු පරීක්ෂක තනතුර සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට ඊයේ (17දා) අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ පැවති විභාගයකදී, කූඨ ලේඛන සකස් කර විභාගයට පෙනී සිටි පුද්ගලයෙකු අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර සිට පේරාදෙණිය දක්වා දිවෙන දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස වැඩිදියුණු කිරීම හේතුවෙන් මේ මස 20 වැනි දින සිට මාස 06 ක කාලයකට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් දිවෙන ගලහා මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබේ .

Read More

රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් මත්කුඩු සහ ලක්ෂ දෙකකට අධික ජාවාරම් මුදලක් සමග ’වෑකඩ බන්‍ටී’ නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු අද (18) අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි .

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාෂික් නැමැත්තාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වැල්ලවත්ත සුපිරි නිවාස සංකීර්ණ පරිශ්‍රයකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කඩා වැදී එහි වෙළෙඳ සැලක සේවිකාවකට වෙඩි තබා වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සඟවාගෙන සිටි කඩවත කිරිල්ලවල අවන්හලක හිමිකරුවෙක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි

Read More

අද පැවැති තරගයෙන් අනතුරුවද මාලිංග සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කළේ ’මතීෂ මම තවමත් ඔබව විශ්වාසකරනවා’ යනුවෙනි.

Read More

මෙහිදී පන්දුවාර 18ක් අවසානවන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටි අතර ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 2කදී රැස්කළ යුතුව තිබුණ ලකුණු සංඛ්‍යාව 14කි. එහෙත් තීරණාත්මක 19 වැනි පන්දුවාරය යොමුකළ මතීෂ පතිරණ එම පන්දුවාරයේදී ප්‍රතිවාදී කඩුලු 2ක් දවා ගනිමින් ලබාදුන්නේ ලකුණු 3ක් වන අතර ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට ලංකාවට අවස්ථාවක් නිර්මාණය විය. අවසන් පන්දුවාරය යොමුකළ බිනුර ප්‍රනාන්දුගේ පළමු පන්දු 4 තුළම එක් ලකුණක්

Read More

උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් අද (17) දින රාත්‍රි මීට සුලු මොහොතකට පෙර උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හතම විවෘත කල හෙයින් ජලාශය ට පහළ ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් ආරක්ෂිතව සිටින්නැයි උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා දැනුම් දෙයි .

Read More

සාම විනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම ලෙස නියමකර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වීමේ කොන්දේසිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අඩුකර තිබේ.

Read More

දකුණු පළාත් සභාව යටතේ පවතින අමාත්‍යාංශයන්හි 2024 වර්ෂය සඳහා ඉදිරි දිනවල ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ පළාත් රාජ්‍ය නිලධාරින්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත් හිටුවීමට දකුණු පළාත් ආන්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා නියෝග කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර, අද දින (2024 පෙබරවාරි 17) අභාවප්‍රාප්ත විය.

Read More

2024 වර් ෂයේ කොරියානු භාෂාව විභාගයට අදාළ අයදුම් පත්‍රයක් මේ වන විට අන්තර් ජාලය සංසරණය වන අතර එම අයදුම් පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධාරණය කර සිටියි.

Read More

මෙරට රජයේ රෝහල් වල පවතින රෝගී තදබදය අඩුකරීමට නම්, ප්‍රාථමික සෞඛ්‍යය සංරක්ෂණ වැඩසටහන් සේම, ප්‍රාථමික සෞඛ්‍යය සේවාව ශක්තිමත් කල යුතු බවත් ,එය සිදු කිරීමට හැකිබවට දැඩි විශ්වාසයක් තමන් තුළ පවතින බවත්, එම තදබදය ද්විතීක රෝහල් වලින් ක්‍රමානුකූලව අඩු කර ගැනීමට හැකිවුවහොත් එය විශාල ජයග්‍රහණයක් බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කලේය .

Read More

එප්පාවල කටියාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කායවර්ධන ශිල්පියකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් එප්පාවල, ප්‍රියංකරගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙලෙස ජීවිතක්ෂය‌ට පත්ව ඇත්තේ එප්පාවල කටියාව යාය 06 පදිංචි ඩී.එම් විරාජ් ඉමංක නම් 34 හැවිරිදි දෙදරු පියෙකි.

Read More

කලක් රෝගාතුරව සිටි හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83කි. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද මීට දින කිහිපයකට පෙර ඔහුගේ නිවසට ගියේය.

Read More

නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනිය වන ආරියලතා ගලප්පත්ති මහත්මිය ගමන් කරමින් තිබු සොඛෝප බෝගී මෝටර් රථයකට යටමින් 17 දින පෙරවරුවේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී මගියෙකු මියගිය බව දඹුල්ල පොලිසිය කියයි.

Read More

මහකනදරාව වැව මූලාශ්‍ර කරගත් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණදී සිටින ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

Read More

රේගු නිලධාරීන් විසින් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් 02/15 දින ආරම්භ කරනු ලැබූ ’’ අකුරට වැඩ කිරීමේ ’’ වෘත්තීය ක්‍රියාමාර්ගය 02/16 දින මුදල් අමාත්‍යාංශය විසින් ලිඛිතව ලබා දුන් සාධනීය විසදුම් නිසා අත්හිටුවීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.එස්.කුමානායක මහතා සහ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පැවසීය .

Read More

බුද්ධ ශාසනය ආරක්ෂා කරමින්, එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ජනපති කැපවී සිටිනවා- ජනාධිපති ලේකම්. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

Read More

දෙහිවල සත්වෝද්‍යානයට ජනවාරි මාසයේ සිට දින හතලිහකදී ලැබුණු ටිකට්පත් ආදායම මිලියන පනස්දෙකක් බවත් නැරඹීමට පැමිණි නරඹන්නන් සංඛ්‍යාව එක්ලක්ෂ හැටදහසක් බවත් දෙහිවල සත්වෝද්‍යාන ගිණුම් වාර්ථා සඳහන්කර සිටී.

Read More

ආදුරුප්පු වීදිය පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි ඝාතන සිද්ධියක සැකකරුවන් දෙදෙනකුට. වස මිශ්‍ර කිරි තේ ලබාදුන් ප්‍රධාන සැකකරු සහ හිටපු පාමසි සේවකයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් අද (16) ජනාධිපති කාර්යාලයේ දී සිදුවුනා.

Read More

බීමත්ව රාජකාරියේ නිරතව සිටි බවට නිකවැරටිය මූලස්ථාන පොලීසියේ නිලධාරීයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

Read More

සෞඛ්‍යය සේවාවේ වෘතීය සමිති 72ක් ඒකාබද්ධවී සිදුකල වැඩවර්ජනය පසුගියදා තාවකාලිකව නවතා දැමුනා. සෞඛය අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සිදුකල සාකච්ඡාවේදී ඊට අදාල වෘතීය සමිති සංගම් නියොජිතයන් කිසිදු එකඟතාවයකට පත්ව තිබුනේ නැහැ.

Read More

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දී ගුවන් හමුදා නිලධාරියකු දුම්රියක ගැටීමෙන් ඊයේ 15 සවස මියගිය බව බම්බලපිටිය පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.