saravita-anim2

2025 ජුනි මස 22 වන ඉරිදා

2025 ජුනි මස 22 වන ඉරිදා

Latest News - timelapse 2130 hours ago

LATEST

කිසිම පාසලකට හිමි නොවූ අවස්ථාවක් කඩවත මහාමායා බාළිකාවන්ට හිමිවෙයි

calendar_today 2024 පෙබ 20 - 10:49 remove_red_eye - 1309  

රටේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීම, එය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමඟ කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූයේ පළමු වරට වීම ද විශේෂත්වයකි. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර දරන සිසුවියන් වෙත එම අමාත්‍ය ධුරයන්හි වගකීම,කාර්යභාරය සහ කැබිනට් මණ්ඩලයේ වගකීම් පිළ

රට පත්ව තිබු අවාසනාවන්ත තත්ත්වය හමුවේ අප කාලයක් දුක් වින්දා. නමුත් අද අපට බංකොලොත්භාවයෙන් නිදහස් වී යළි ආර්ථික කටයුතු ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා. මම භාරගත්තේ ආහාර නැති, ඉන්ධන නැති රටක්. අද ආහාර, ඉන්ධන තිබෙනවා. නමුත් ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට බදු බර වැනි ප්‍රශ්න තිබෙනවා. නමුත් එම බර හැමදාම තිබෙන්නේ නැහැ. තව මාස කිහිපයක් යනවිට ජනතාවට සහන ලැබෙනවා.

Read More

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා තුන් දින නිල සංචාරයක් සදහා 02/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

විස්සයි20 පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම කඩුලු 100 ලබාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රි ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග වාර්තා අතරට එක්වීය.

Read More

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හත් දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට මේ වන විට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

“සනත් නිශාන්ත මහත්තයා ජීවත්වලො සිටියා නම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මගේ රස්සාවත් නැති කළා. මට ජීවත් වෙන්න විදියක් නෑ” යනුවෙන් හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග දුල්නේෂා නැමැත්තා වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා හමුවේ අද (19) කියා සිටියේය.

Read More

ආරච්චිකට්ටුව ආනවිළුන්දාව මයියාව දුම්රිය හරස් මාර්ගයෙ දී 19 දින දහවල් කොළඹ සිට පුත්තලම දක්වා ගමන් ගනිමින් තිබු දුම්රියක යතුරු පැදියක් ගැටිමේන් මව, පුතු හා දියණීය එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.

Read More

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

Read More

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වීමට නියමිත කෘෂි අංශයේ ශ්‍රමිකයන් 95 දෙනෙකුට සහ සාත්තු සේවක අංශයේ 54 දෙනෙකුට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ලබාදීම අද (19)විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි .

Read More

ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්රටදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක අපයෝජනය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මරණ දඬුවම අද (19දා) නියම කළාය.

Read More

යාපනය ‌කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂිකව පැවත්වෙන දේව මංගල්ලය වෙනුවෙන් මෙවර රාමේෂ්වරන් ධීවරයින් සහභාගී නොවීමේ සූදානමක් ඇති බවට එහි ධීවරයින් පවසයි.

Read More

ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ස්ථානයේ පැය ගණනාවක් පෝලි සිටි බ්‍රිතාන්‍ය ජාතික යුවළක් ‍ ප්‍රවේශපත්‍ර ලබාගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව කනස්සල්ලෙන් යුතුවන් ’ශ්‍රී ලංකා ක්‍රිකට් නො ටිකට්’ යන්න ප්‍රකාශ කරමින් එම ස්ථානයෙන් පිටව යන දසුනක් ද අපට දැක ගැනීමට හැකි විය

Read More

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඉතාලි ජාතික සංචාරක යුවළක් රැගත් සුඛෝභෝගී මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී ආරක්ෂිත වැටේ ගැටීමෙන් එම යුවළ ඇතුළු රියදුරු තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතැයි අධිවේගී රථවාන පොලිසිය කියයි.

Read More

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ කිසිදු ලියාපදිංචියක් නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගොස් ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානය වටලන අවස්ථාවේදීද එහි විශ්ව විද්‍යාල සිසුන් සිට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවද පේරාදෙණිය පොලිසිය කියයි.

Read More

19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි.

Read More

හරින් ප්‍රනාන්දු ඇමති ඉන්දියාවට ගොස් ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ප්‍රකාශ කර තිබූ බැවැින් එය සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය උල්ලංඝණය කිරීමක් බව උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකට ඒක්වෙමින් අද (19) කියා සිටයේය.

Read More

කිරිබත්ගොඩ නගරයේ පිහිටි පුද්ගලික බැංකු ශාඛාවකට පැමිණි අවස්ථාවේ කාන්තාවකට මුදල් ලබා ගැනීම සදහා සහාය ලබා දෙන මුවාවෙන් ඇයගේ බැංකු කාඩ්පත සුක්ෂ්ම ලෙස මාරු කර වෙනත් බැංකු කාඩ්පතක් ඇයට ලබා දී පසුව ඇයගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචනික ලෙස ලබා ගෙන තිබෙන බවට පැමිණිල්ලේ සදහන් වී ඇත.

Read More

’’සිඳු’’ ටෙලි නාට්‍යයේ වසර 5ක් පුරාවට සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් චරිතයට පණපෙවු කවීෂ් විහඟ දරුවා මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී අද (19) උදෑසන සසුන්ගත වුණි.

Read More

මියගිය පුද්ගලයකුගේ දේහයක් භාර ගැනීමට කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් වීම නිසා ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කොට කාන්තාවන් දෙදෙනාටම අවසන් ගෞරව දැක්වීමට හැකිවන පරිද්දෙන් තීන්දුවක් ලබාදීමට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා (18) දා පියවර ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි පවසයි.

Read More

එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වාසය කරන නිවසකට ඇතුළු වූ මීයෙකු සම්බන්ධයෙන් දෙදෙනා අතර වූ බහින් බස්වීමක් දුරදිග යන අතරතුරදි එක් වරම ක්ලාන්ත වී ඇද වැටුණු බාල සහෝදරයා ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.

Read More

රත්මලාන රස්ටම් වත්තේ කුඩු ජාවාරම සිදුකරගෙන ගිය බව කියන සැකකාර කතක් හෙරෝයින් ග්රෑම් 5 මිලි ග්රෑම්200 සමග ගල්කිස්ස පොලිස් කොට්ඨාශය පුරා පාන්දර තුනේ සිට උදෑසන අට දක්වා පැය හයකදී සිදු කළ විශේෂ වැටලීමකදී එගොඩ උයන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

Read More

විවිද මිල ගනන් යටතේ මිල වැඩිකිරිම් සිදුකරන ලද බිත්තර වල අධික මිල වැඩිවීම් හේතුවෙන් පාරිභෝගිකයින් සැලකියයුතු පිරිසක් මේ වන විට බිත්තර මිලට ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇතැයි ඔවුහු කියා සිටිති.

Read More

මීගොඩ ආර්ථික මධ්‍යස්ථායේ තොග වෙළෙඳ සැලක මුදල් අයකැමිවරියකට වෙඩි තබා මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංගා මද්දුම පටබැඳි මෙනෙවිය ඊයේ (18) අවසර ලබා දුන්නාය

Read More

ජනාධිපතිවරණය කල් දැමීමට උත්සහා කළොත් ජනාධිපතිවරයාට සිදුවන්නේ කල් තියා ගෙදර යෑමට බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසීය.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරංකරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවන අසිත නමැත්තාගේ ඥාති සහෝදරියක් වන පැට්ටා නමැත්තිය හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 10571 ක් ජාවාරමින් උපයාගත් රුපියල් 22 ලක්ෂ 47,450 ක් සමඟ පානදුර මහවිල මාදුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.

Read More

ලෝකයේ ඕනෑම රටක මහ බැංකුවල සේවය කරන විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා පුද්ගලයන් සිටින බවත් ඔවුන් රට තුළ රඳවාගෙන එම සේවාවන් ලබා ගැනීම සඳහා ඉහළ වැටුප් ලබාදෙන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .

Read More

යුක්තිය මෙහෙයුම ආරම්භ කර මාස දෙකක් පිරීම නිමිත්තෙන් බස්නාහිර පළාතේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ සෝදිසි , මෙහෙයුමේදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකෙහි ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.