ශ්‍රී ලන්කන් යානා කිහිපයක්ම එකවර කාර්මික දෝෂවලට ලක්වෙයි
කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා 11/09 දින අලුයම පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තාක්ෂණික දෝශයකට ලක් වීම නිසා එම ගුවන් ගමන අවලංගු කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන ගුවන් යානය 11/09 දින අලුයම 12.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.
එහෙත් එම ඒ.- 330 වර්ගයේ ගුවන් යානය හදිසියේම තාක්ෂණික දෝෂයකට ලක් වීම නිසා , එම ගුවන් ගමන අවලංගු කර ඇති අතර , එම ගුවන් යානයෙන් හදිසියේම පිටත්ව යාමට අවශ්‍ය ගුවන් මගීන් , වෙනත් විකල්ප ගුවන් යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි.
අනෙකුත් ඉතිරි ගුවන් මගීන් පිරිස 11/10 දින අලුයම 01.45 ට පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා රැගෙන යන බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

