පරාජයේ වගකීම මම ඇතුළුව පිතිකරුවන් සියලු දෙනා වගකීම භාර ගන්න ඕනී
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති දෙවැනි විස්සයි 20 තරගය පරාජයවීම සම්බන්ධයෙන් තමා ඇතුළු සියලු පිතිකරුවන් වගකීම භාර ගත යුතු බව ශ්‍රී ලංකා කන්ඩායමේ නායක චරිත් අසලංක පැවසීය.
තරගය අවසන් වීමෙන් පසු ඊයේ(10දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“මම හිතන්නේ කණ්ඩායමක් විදියට මීට වැඩිය දෙයක් පන්දු යැවීමෙන් බලාපරෛාත්තු වෙන්න අමාරුයි. මොන කඩුල්ලක වුණත් 108ට සීමා කරනවා කියන්නේ ඉතාම හොඳ දෙයක්. මම දකින්නේ මම ඇතුළුව පිතිකරුවන් සියලු දෙනා වගකීම භාර ගන්න ඕනී පරාජයේ. ”
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 108ක් රැස් කළේය.
ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 103ක් පමනී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
