saravita-anim2

2025 ජුනි මස 22 වන ඉරිදා

2025 ජුනි මස 22 වන ඉරිදා

Latest News - timelapse 2160 hours ago

LATEST

අටුළුගම දැරිය ඝාතකයා වසර 27 ක් හිරේ ලක්ෂ 30 ක වන්දියක් ගෙවන්නත් නියමවෙයි

calendar_today 2024 පෙබ 13 - 20:50 remove_red_eye - 488  

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී නව හැව්රිදි දැරියක මඩ වගුරක ගිල්වා ඝාතනය කල විත්තිකරු වරද පිළිගැනීමෙන් පසු පානදුර මහාධිකරණ විනිසුරු විසින් චූදිතටවසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඩුවම් අද (13) නියම කලේය.

ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට අයත් ගොවිපොළේ සිටි කිලෝ පනහකට ආසන්න බරකින් යුත් ඌරෙකු සොරකම් කොට මරා මස් කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ඉදිරියේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වනවා – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

Read More

අලුතින් විදුලි සැපයීමක් ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොලිය ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව ගොනුකර තිබූ අභියාචනා පෙත්සම පිළිබඳ විභාගය දින නියමයක් නොමැතිව කල්තැබීමට ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කලහ.

Read More

පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ සෞඛ්‍ය ‌ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් විසඳුම් ලබා දීමට යෝජනාවක් මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළත් වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති එම යෝජනා සඳහා එකඟ නොවුන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

මල්වතුහිරිපිටිය මෙහෙයුමක් අතර තුර සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිස් සැරයන්වරයකුගේ රාජකාරී පිස්තෝලය උදුරාගෙන සිදු කළ වෙඩිතැබීමෙන් මියගිය පොලිස් සැරයන් ප්‍රියන්ත රත්නවීර මහතාට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මණ්ඩාවල පිහිටි ඔහුගේ නිවසට ගොස් එම ඔහුට අවසන් ගෞරවය දැක්වීය.

Read More

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අය පෞද්ගලික ගුවන් යානයකින් අනුරාධපුර බන්ධනාගාර ක්‍රිඩාංගණය වෙත පැමිණ නිසි අවසරයකින් තොරව බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී රහසිගතව සිරකරුවන් සමග සාකච්ඡා කළ බවට එල්ල වු චෝදනා පිළිබදව සොයා බලා වාර්තා කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු, සිසිර

Read More

රාජ්‍ය නොවන සංවිධාන හරහා කරලියට ගෙනැවිත් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව, ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවේද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

පිටකොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු පොලිස් සැරයන් වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු පිටකොටුව බැස්ටියන් මාවතේදී හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් අනාවරණ වූ තොරතුරු මත ඔහුට මත්කුඩු සැපයූ ජාවාරම්කාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මරදාන ලොකට් ලේන් ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම කලබලය වි ඇතැයි පොලිසිය සඳහන් කරයි

Read More

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැමිණියත් එයට සාර්ථකව මුහුණ දී අති විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා අප පක්ෂය ගෙනි යන්නේ යැයිද ජනාධිපතිවරණයට දින නියම වූ විට අපේක්ෂකයා තීරණය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

Read More

ජනපතිවරණය මෙ වසරේදී නියමිත කාලයේදි පවත්වන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමි් පවසයි. කෙසේ වෙතත් මහ මැතිවරණය පවත්වන්නේ 2025 වසරේදී බවත් එම මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2025 වසරට අදාළ අයවැයේදී වෙන් කරනු ඇති බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read More

වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ නතරකර තිබූ මෝටර් රථයක් අද (13දා) මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

Read More

2024 පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 60,122 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වල දැක්වෙයි.

Read More

හෙද පරිපූරක , අතුරු වෙද්‍ය සේවා හා ‌සෞඛ්‍යය කාර්්‍ය මණ්ඩල ඒකාබද්ද වෘතීය සමති 72ක් අද (13) උදෑසන සිට ‌සිය සේවාවලින් ඉවත්වී ඉල්ලීම් ලැබෙනතෙක් අඛණඩ වර්ජණයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන්ර සැලසුම් කල පරිදි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ගම්පහ දිස්ත්‍රික් රෝහල් නිරීක්ෂණ චාරිකාව අවලංගු කොට තිබේ.

Read More

පෞද්ගලික හා රාජ්‍ය බැංකු අසල ගැවසෙමින් ඒ ටි එම් යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමට සහාය පලකරන කල්ලියක් ඉතා ශුක්ෂමව අන්සතු ගිණුම් වලින් මුදල් පැහැර ගන්නා බව ගණුදෙනු කරුවෝ කියා සිටිති.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාර ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුවෙන් නිෂ්ප්‍රභ කළ බව සදහන් කළ ඒ මහතා නීතියට පටහැණි එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කර ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් දෙන්නැයි ඉල

Read More

මග්ගොන ප්‍රදේශයේ දී පුද්ගලයකු දුම්රියක ගැටී පීලි අතර සිරවීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ 13 උදෑසන දුම්රිය ධාවනය තරමක ප්‍රමාදයක් පැවතී බව කළුතර දුම්රිය බළධාරීයෙක් පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම රියදුරු සමග ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය 13 දින අලුයම 1.30ට පමන පුත්තලම සිට අනුරාධපුර මාර්ගයේ ගමන් ගනිමින් සිටියදි සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයක ගැටිමේන් අනතුරකට පත් වී ඇත.

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්තිපෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය මෙය වන බැවින්, උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ප්‍රථමයෙන්ම, මෙවන් ව්‍යාපෘතීන් තුළින් ජනතාවට ලැබෙවිශාල ප්‍රතිලාභ පිළිගන්නා සහ දෙවනුව, අදාල ව්‍යාපෘතියටඅවශ්‍ය අරමුදල් සොයාගෙන එය මහපොළවේ යතාර්ථයක් බවට පත් කළ ආණ්ඩුවට නිසි පිළිගැනීමක් සහ ඇගයීමක් ලබා දෙන නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සුවිශේෂී අවස්ථාවක් අද අපිට උදාවී ඇත

Read More

එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව කාලගුණය හා දේශගුණය නොව මෙරට කිසිවෙකුත් නොපෙනී ක්‍රියාත්මක වන මහා පරිමාණ එළවළු බීජ මාෆියාව බව පරිසරවේදී තිලක් කන්දේගම මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය සේවකයන්ට රුපියල් තිස්පන්දහසක දීමනාවක් ලබා ගැනීමට අදාළව බලධාරීන් සමග ඊයේ(12දා) පැවැති සාකච්ඡා අසර්ථක වීම නිසා අද(13) උදෑසන 6.30 සිට හෙද පරිපූරක අතුරු වෙද්‍ය සේවා හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියා මාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධාන සඳහන් කරයි.

Read More

2023 වසරේ බදු පැනවිම තුළින් ලබාගත් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3201ක් වන බවත් සහනාධාර, වැටුප් බිල් සහ රාජ්‍ය ණය බිල්පත් සඳහා භාණ්ඩාගාරයෙන් වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 4394ක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය වියදම්වලින් අඩු කරන්නේ කුමන කොටසද යන්න විකල්ප මත දරන කණ්ඩායම් ජනතාවට ප්‍රකාශ කළ යුතු බවද සඳහන් කළේය.

Read More

රටේ ජනාධිපතිවරයා , අගමැතිවරයා හා ව්‍යවස්ථාදායකය මෙම මෙහෙයුම නවත්වන ලෙසට උපදෙස් ලබා දෙන්නේ නම් පමණක් මෙම මෙහෙයුම නවත්වන බවත්, එසේ නොමැතිව මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සම්පූර්ණයෙන්ම තුරන් කරන තෙක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.

Read More

අද ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ’’එට්කා’’ කියන විට ’’ඉක්කා ගහන’’ තත්ත්වයට පත්ව ඇති බවත් මිල්කෝ සමාගම, ඉන්දියාවේ අමුල් සමාගමට විකුණා දැමීම ටෙන්ඩර් පටිපාටියක් අනුව සිදු නොකිරීම පමණක් ඔවුන්ට ප්‍රශ්නයක් වී ඇති බවත් පෙන්වා දුන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ මහතා ටෙන්ඩර් කර හෝ නොකර අපේ රටේ වටිනා සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීම නිවැරදි දැයි ප්‍රශ්න කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් පහසුකම් මෙය ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක්. මෙරට ව්‍යාපාරිකයන් ලක්ෂ 04කට මෙමඟින් ප්‍රතිලාභ. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කෙරෙන “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා- ජනපති. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ වැදගත් පියවරක්- ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි.

Read More

සම්භාහනයක් සිදු කරන අතරතුර ලිංගික අපයෝජනයක් කළ බව කියන ඕස්ට්‍රේලියාවේ ඒ.බී.සී මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කරන 39 හැවිරිදි කාන්තාවකගේ පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයා ඊයේ (11දා) පස්වරුවේ පොලීසියට බාර වී තිබේ.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත, සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ (12) දින කන්ටේනර් රථ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.