saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12039 hours ago

LATEST

ඩොලරය රුපියල් 173ත් ඉක්මවයි

calendar_today 2018 ඔක් 22 - 15:23 remove_red_eye - 533  

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදි රුපියල් 173.38ක් ලෙස දැක්විය.

මිල සූත්‍රය අනුව රු 155ට විකුණන පෙට්‍රල් ලීටරයක රු 54ක් තිබෙන්නේ බදු. මේ ඉලක්කම් හරිද වැරදිද කියන එක අපි දැන් අදාල විශේෂඥයන්ට ගණනයකරන්න බාර දීල තිබෙනවා.

Read More

මාලි රාජ්‍යයේ සාමසාධක හමුදා මෙහෙයුම්වල නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මහතා නැවත දිවයිනට ගෙන්වා ගැනීමට වත්මන් ආණ්ඩුව තීරණය කර තිබීම හේතුවෙන් දීර්ඝ කාලීනව මෙරට හමුදාවන්ට හානියක් සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එංගලන්තය හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට නියමිතය.

Read More

බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉවත් කරන්නැයි ඉල්ලා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ විරෝධතාව අද (22දා) දහවල් අවසන් කෙරිණි.

Read More

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ උඩංගාව කොචිචිකඩේ පදිංචි (32) අවිවාහක සැකකරුවෙකි. මොහු මීගමුව නගරයේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක වෙළෙඳ කළමණාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි තැනැත්තෙකු බව පොලීසිය කියයි.

Read More

ඉන්දීය රජයේ පූර්ණ ත්‍යාගශීලී ආධාරයක් ලෙස 2016 ජූලි මස ආරම්භ වූ ගාස්තු රහිත ‘1990’ සුව සැරිය ගිලන් රථ සේවය මගින් හදිසි රෝහල් ගතවීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙයි. පූර්ව රෝහල් ප්‍රතිකාර සේවයක්ද සුවසරිය ගිලන් රථ සේවාව තුළදී හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී. විග්නේශ්වරන් මහතා යෙදවීම හේතුවෙන් තමන් ඇතුළු පක්‍ෂය අවුරුදු 05ක් පුරාවට විඳවන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්‍ෂය වූ ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.

Read More

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයන් අද (22දා) අලුයම සිට බස් ධාවනයෙන් ඉවත්ව ඇරඹූ වැඩ වර්ජනයට ලංගම බස් සේවකයන්ද, රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පෞද්ගලික බස් සේවකයන්ද එක්වීමෙන් එම මාර්ගවල ගමන් කරන මහජනයා දැඩි අසීරුවතාවට පත්ව තිබේ.

Read More

ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (21දා) රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාව සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (22දා) අලුයම සිට ස්වයංක්‍රීයව විවෘත වී තිබේ

Read More

දැන් ආණ්ඩුව තෙල් මිල සූත්‍රයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක මට නම් තේරේන්නේ නෑ. තෙල් බැරලයේ මිල වැඩීවීමත් එක්ක, තෙල් මිල සූත්‍රයක් තියෙනවානම් වැඩි වෙන්න ඕනේ. හැබැයි ඒ මිල වැඩිවීමේ ප්‍රමාණය සාධාරණ ද කියලා පොඩි ගැටළුවක් තියෙනවා.

Read More

වියදම වූ රු. ලක්ෂ 250 ජනාධිපති කාර්යාලයෙන්, මගීන් නොගෙන යාම නිසා ශ්‍රී ලංකන් සමාගමට විශාල පාඩුවක්

Read More

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුව පසුගිය 18 වැනිදා පැය 09ක කාලයකුත්, 19 වැනිදා පැය 09ක කාලයකුත් වශයෙන් මේ වනවිට පැය 18ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Read More

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බොහෝ මගී ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ දැමුවද, කුලී රථ හිමි සමාගම් ගාස්තු පහළ දමමින් සිටින බව සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය සඳහන් කරයි.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය සමග රාවණා ඇල්ලට නුදුරින් ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් පවතින බව ඇල්ල පොලීසිය පවසයි.

Read More

දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

Read More

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා නැවත පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළහොත්, 25 වැනිදා සිට සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.

Read More

කුසල් දක්ෂ පිතිකරුවෙක් නමුත් සෑම ක්‍රීඩකයෙක්ම මුහණ දෙන අමාරු කාලයක් දැන් ඔහු පසුකරමින් සිටින බවත් මහේල පවසයි.

Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ඉහත නිවේදනයේ කිසිම අවස්ථාවක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කනගාටුව ප්‍රකාශ කළ බව සඳහන්ව නොමැත.

Read More

පොලිස් නිලධාරීන් 18019කගේ සහභාගිත්වයෙන් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර එහිදී බීමත්ම රිය පැදවූ 468ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහජන බැංකුව, ලංකා බැංකුව හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල සිදුව ඇති දූෂණ වංචා සෙවීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

Read More

ගමන් මල්ලක තිබී මෙම පතොරොම් තොගය සොයාගෙන ඇති අතර එයට ටී. 56 පතොරම් 2958ක් හා පිස්තෝල අවි සඳහා භාවිත කරන මිලි මීටර් 9 වර්ගයේ පතොරොම් 32ක් අයත් වෙයි.

Read More

විභාග කොමසාරිස් ජනරාල්වරයාට කිව්වා ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ මේ සියලු විභාගයක්ම ටියුෂන් වලට ඕන විදිහට හදන්න එපා, විෂය නිර්දේශය ආවරණය විදිහට හදන්න එක එක අයට කඩේ යන්න එපා කියලා.

Read More

සාමසාධක හමුදා රාජකාරි කටයුතුවල නිරතව සිටින ලුතිනන් කර්නල් කළණ අමුණපුර මහතාට එල්ල වී තිබෙන මානව හිමිකම් චෝදනාව පිළිබඳ අභියාචනාවක් ඉදිරිපත් කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.

Read More

හිටපු ජනාධිපති උත්සාහ කරමින් සිටින්නේ නාමල් රාජපක්‍ෂට පාර කපා දීමට බවත්, විමල්ට හා ගම්මන්පිලට අවශ්‍ය වී ඇත්තේ හොරකම්වලට නඩු වැටීම වළක්වා ගැනීමට බවත් අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Read More

ශිෂ්‍යත්ව විභාගය මගින් ශිෂ්‍යත්ව ආධාර ලබා දීමට කටයුතු කරන අතර ඇතුළත් වීමේ විභාගය යළිත් පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී පෙන්වා දුන්නේ.

Read More

ආර්ජන්ටිනාවේ පැවැති තුන්වැනි යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමි කරගත්මි පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නිවාස දෙකක් අලුතින් ඉදි කරදීමට රජය තීරණය කළ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Read More

පසුගිය සතියේ මාධ්‍ය මගින් හෙළිදරව් වූ “රෝ” ඝාතන කතාව ගැන තමන්ට ඇමැතිවරුන් සිව් දෙනෙකුගෙන් තොරතුරු ලැබුණ බව (ද හින්දු) පුවත්පතේ කොළඹ වාර්තාකාරිනී (මීරා ශ්‍රීනිවාසන්) පසුව ප්‍රකාශ කර තිබිණි.

Read More

මේ අතර එම සටහන් පොතේ තිබූ සලකුණු වල අකුරු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරාගේ අකුරුවලට සමාන වීම හේතුවෙන් පොලීසිය මේ වන විට සිය පරික්ෂණ අර්සාලන් කවාජා වෙත යොමුකර තිබේ.

Read More

මේ වසරේ සංවර්ධන කටයුතු සඳහා අයවැයෙන් වෙන් කරන ලද ප්‍රාග්ධන අරමුදලින් මේ වනවිට වැයකර ඇත්තේ 57%ක පමණ මුදලක් බව මුදල් අමාත්‍යංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.