පාසල් වේලාවේදී ටියුෂන් නැවැත්වීමට කැබිනට් පත්‍රිකාවක්
පාසල් කාලයේදී අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
'ළඟ ම පාසල හොඳම පාසල' වැඩසටහන යටතේ කුලියාපිටිය උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“විභාග කොමසාරිස් ජනරාල්වරයාට කිව්වා ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ මේ සියලු විභාගයක්ම ටියුෂන් වලට ඕන විදිහට හදන්න එපා, විෂය නිර්දේශය ආවරණය විදිහට හදන්න එක එක අයට කඩේ යන්න එපා කියලා.
දන් මේක මාෆියාවක් වෙලා. විභාග කේන්ද්‍රීය ක්‍රමය අයින් කරන්න හදන්නේ. දැන් හිටියේ ඔක්කොමට ටියුෂන් ගිහිල්ලා කර ගන්නනේ. එන සතියේදී මම කැබිනට් පත්‍රිකාවක් දාන්න කියලා තියෙනවා උදේ 7.30ක් පස්වරු 1.30 අතර ටියුෂන් කරන්න බෑ කියලා. අපේ පොඩි උන් ටික ඉස්කෝලේ යන්නේ නෑ. ටියුෂන්. අර ගුරුතුමා බලාගෙන ඉන්නවා මේ අය එනකම්. ජීවන වියදම් වැඩිවෙලා තියෙන්නේ ටියුෂන් යන නිසා.”

popular news
-
rocky Sunday, 21 October 2018 06:45 PM
පාසල් වෙලාවේදී පමණක් නොවෙයි. . ටියුෂන් ව්‍යාපාරය මුළුමනින්ම තහනම් කල යුතුයි. මේක කිසිම වගකීමක් නියාමනයක් නැති කළුකඩ ව්‍යාපාරයක්. සමහර ටියුෂන් ගුරුවරුන්ට සුදුසුකම් නැහැ. සිසුන්ගේ දෙමාපියන්ට ගුරුවරුන් ගැන දැනුමක් නැහැ. මේ බොහොම පන්තිවලින් සිස්යයන්ගේ අපචාරවලට මග සැලසෙනවා. සමහර ටියුෂන් "සර්"ලාගේ චර්යාව ගැන විස්වායක් තියන්නත් බැහැ. ළමයින්ට අවශ්‍ය අධ්‍යාපනය පාසලෙන් ලබා දෙන්න ඔවුන්ගේ ගුරුවරුන්ට බැරි නම් ඒ අධ්‍යාපනයෙන් වැඩක් නැහැ. එක්කෝ ටියුෂන් වසංගත කඩ තහනම් කරන්න. එහෙම බැරිනම් පාසල් ඔක්කොම වසා දම රටේ අධ්‍යාපනය ටියුෂන් ගුරාලාට භාර දෙන්න!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

