ව්‍යාපාරිකයෙකු බිය වද්දා මුදල් ලබා ගැනීමට තැත් කල අයෙකු අත්අඩංගුවට

කටාන ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුව දුරකථනයෙන් බිය ගන්වා රුපියල් ලක්ෂ 12ක කප්පම් ලබා ගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු අද (22දා) අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ උඩංගාව කොචිචිකඩේ පදිංචි (32) අවිවාහක සැකකරුවෙකි. මොහු මීගමුව නගරයේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක වෙළෙඳ කළමණාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි තැනැත්තෙකු බව පොලීසිය කියයි.
තමන් පාතාල නායකයකයෙකු බවත්, ප්‍රදේශයේ සියලු ව්‍යාපාරිකයන් තමන්ට කප්පන් මුදල් ලබා දෙන අතර, ඉල්ලූ ලක්ෂ 12 නොදුනහොත් හෙරොයින් මත්කුඩු සහ ව්‍යාජ මුදල් නිවසට දමා රිමාන්ඩ් කිරීමට කටයුතු කරන බවටත් පවසමින් වැලි ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ව ඊයේ (21දා) දුරකථනයෙන් බිය ගන්වා මෙලෙස කප්පන් මුදල් ලබාගැනීමට සැකකකරු උත්සහ කර තිබූ බව පොලීසිය පවසයි.
ව්‍යාපාරිකයා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකොරල මහතාගේ උපසේ මත වහා ක්‍රියාත්මක වූ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වරයා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඉදිරි අධිකරණ කටයුතු සඳහා කටාන පොලීසියට ඉදිරිපත් කළ බව පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

