ඇඹිලිපිටිය කොළඹ ලංගම සහ පුද්ගලික බස් වර්ජනයක්
කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයන් අද (22දා) අලුයම සිට බස් ධාවනයෙන් ඉවත්ව ඇරඹූ වැඩ වර්ජනයට ලංගම බස් සේවකයන්ද, රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පෞද්ගලික බස් සේවකයන්ද එක්වීමෙන් එම මාර්ගවල ගමන් කරන මහජනයා දැඩි අසීරුවතාවට පත්ව තිබේ.
කොළඹ සිට මොනරාගල බලා ධාවනය වන බස් රථ සේවකයෙකු කොළඹ - ඇඹිලිපිටිය බස්රථ රියදුරෙකුට පහරදීමට විරෝධය පාමින් කොළඹ සිට මොනරාගල බලා ධාවනය වන සියලුම බස් රථ පැල්මඩුල්ලෙන් බළන්ගොඩ බෙරගල, වැල්ලවාය හරහා ධාවනය කරන්නැයි ඉල්ලමින් මෙම බස් ධාවන වර්ජනය අරඹා ඇත.
මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී අයි.එච්. අනුරුද්ධ බණ්ඩාර මහතාගෙන් අප විමසූ විට ඔහු පැවසුවේ මෙවැනි බස් වර්ජනයක් ගැන තමන්ටද ආරංචි වූ නමුත් ඒ පිළිබඳ නිල දැනුම්දීමක් වර්ජකයන් විසින් සිදුකර නොමැති බවයි.
අජිත්ලාල් ශාන්තඋදය / කොලොන්නේ - ජේ. නානායක්කාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

