අමුණුපුර නැවත ගෙන්වා ගැනීමෙන් මෙරට හමුදාවන්ට හානියක්
මාලි රාජ්‍යයේ සාමසාධක හමුදා මෙහෙයුම්වල නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මහතා නැවත දිවයිනට ගෙන්වා ගැනීමට වත්මන් ආණ්ඩුව තීරණය කර තිබීම හේතුවෙන් දීර්ඝ කාලීනව මෙරට හමුදාවන්ට හානියක් සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා පැවසීය.
යුද අපරාධ චෝදනා එල්ල කරමින් ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මහතා නැවත දිවයිනට ගෙන්වා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය දන්වා සිටි අවස්ථාවේදී පිට කොන්දක් සහිත ආණ්ඩුවක් නම්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තිබූ බවද සභාපතිවරයා සඳහන් කළේය.
දරුස්මාන් කමිටුවේ සිටි යස්මින් සුකා විසින් කළණ අමුණුපුර මහතාට විරුද්ධව යුද අපරාධ චෝදනා සකස් කර තිබෙන බවත්, එම චෝදනා පිළිගනිමින් ලුතිනන් කර්නල්වරයා දිවයිනට ගෙන්වා ගතහොත් ශ්‍රී ලංකාවේ සමස්ත හමුදාවට විරුද්ධව චෝදනා ඇතිවිය හැකි බවත් පීරිස් මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මේ වන විට ආණ්ඩුවක් තිබුණේ නම්, පිටකොන්දක් සහිතව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.
දෙමළ ඩයස්පෝරාව සහ යස්මින් සුකා වැනි එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සතුටු කිරීම සඳහා රණවිරුවන් පාවාදීමේ ප්රතිපත්තියක වත්මන් ආණ්ඩුව යෙදී සිටින බවද ඔහු පැවසීය.

popular news
-
Lanka Perera Monday, 22 October 2018 02:38 PM
අපිට බන කියන්නේ නැතුව කෙලින්ම UN එකට ලියන්න
Reply : 0 2
Ruwan Monday, 22 October 2018 03:01 PM
Mehemath moda prakasha karana ape kalaye nodruwek.
Reply : 0 0
Chandana Monday, 22 October 2018 03:33 PM
සාමසාධක හමුදා රාජකාරි කටයුතුවල නිරතව සිටින ලුතිනන් කර්නල් කළණ අමුණපුර මහතාට එල්ල වී තිබෙන මානව හිමිකම් චෝදනාව පිළිබඳ අභියාචනාවක් ඉදිරිපත් කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය. පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා 200 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායමක් මැලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදා කටයුතු සඳහා එක්ව තිබේ. මේ අනුව අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කරන කලණ අමුණපුර මහතාට මානව හිමිකම් චෝදනාවක් එල්ල වී ඇත. අද පත්තරේ මෙම සදහනද atha, මේක දන දැනම මිනුසුන් නොමග හැරීමට උත්සහ කරනවද manda
Reply : 0 0
dhamneth Monday, 22 October 2018 04:48 PM
2009 සිට 2015 දක්වා කාලය තුලදී ඔය මහාචාර්යවරුන්ට විසදුමක් දෙන්න බැරිවුණා ප්‍රශ්නවලට මේ සාමාන්‍ය මිනිස්සු කොහොමද ටක්ගාලා විසදුම් දෙන්නේ?
Reply : 0 0
Nandana Monday, 22 October 2018 09:24 PM
දැන් හිටිය ඇති නේද ,බණ පොතක් බලගෙන දර්මානුකුලව ඉන්න ,60 එකට ගියත් තැනක් නොමැත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

