පාරමී මාරිස්ටෙලාට නව නිවාස දෙකක්
ආර්ජන්ටිනාවේ පැවැති තුන්වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමි කරගත්මි පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිවාස දෙකක් අලුතින් ඉදි කරදීමට රජය තීරණය කළ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා කියා සිටියේය. මෙම පහසුකමට අමතරව ඇය දැනට ජීවත් වන හලාවත, ඉරණවිල පිහිටි නිවස දින 10ක් ඇතුළත රජයේ වියදමින් අලුත්වැඩියා කර දීමටද රජය තීරණය කර තිබේ.
එමෙන්ම ලබන 30 වැනිදා කරුවලගස්වැව නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේදී ඇයට නව නිවසක් භාරදීමට කටයුතු කරන බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.
දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතාව ඇගේ ගමනට ඇති බලවත්ම බාධාව බවත්, එයට විසඳුමක් ලෙස පාරමී මාරිස්ටෙලා දැරියගේ අධ්‍යාපන කටයුතු හා කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ සඳහා අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

popular news
-
rocky Sunday, 21 October 2018 06:50 PM
දෙන්න දෙන්න දෙක දෙක දෙන්න!.. තමුන්නාන්සේලාගේ සාක්කුවෙන් නොවෙයි නේ. තව ගෙවල් දෙක තුනක් වත් දෙන්න. පහු කාලෙක විකුණා ගන්න වත් බැරිය. මේ රට දෙවේල වත් හරි හැටි පිරිමහ ගන්න පුළුවන් කමක් නැති බහුතරයක් ඉන්න ධමද්වීපයක්.
Reply : 2 0
Champa Monday, 22 October 2018 10:31 PM
Rocky අනුන්ගේ ජයග්රහණයේදී සතුටු වෙන්න බැරි, දරුවෙක්ට වුනත් ලැබුණු දේට කිසි හේතුවක් නැතුව ඉරිසියා කරන මේ වගේ කාලකන්නි ඉන්න එකම රට ලංකාව.
Reply : 0 0
Champa Monday, 22 October 2018 10:28 PM
ඔබට මගේ උණුසුම් සුබ පැතුම් දරුවා. කරදර හිරිහැර මැදින් ආපහු දුෂ්කර ගමනක්. චිත්ත ධෛර්යය නිසාම ලබා ගත් දිනුමක්. ඔබ අනෙත් දරුවටත් ආදර්ශයක්. ඔබ වගේ දරුවෝ වෙනුවෙන් කරන්න බොහෝ දේ තියෙනවා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

