saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11141 hours ago

LATEST

ප්‍රකාශයක් කරන්නැයි අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්

calendar_today 2019 මැයි 13 - 18:58 remove_red_eye - 2072  

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවලදී ප්‍රකාශයක් නිකුත් කරන ‌ලෙස පොලිස්පතිවරයට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පැවසීය.

‘විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත’ බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කරන ලදැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුලි මස 29 වැනිදා සිට අගොස්තු මස 02 වැනිදා දක්වා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) තීරණය කළේය.

Read More

අපි මෙච්චර වෙලා කතා කරපු ඒවා අහගෙන හිටියේ අපේ දුක විතරයි. නමුත් අපි අර මැරෙච්ච 250 දෙනොගේ ඒගෝල්ලන්ගේ දූවරු අම්මලා තාත්තලාගේ දුක ඔයගොල්ල දන්නේ නැද්ද ඒක තමා මට තියෙන දුක. ඉතින් මෙතන ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අමාරුකම් හිතන්න එපා. අර 250 දෙනා ගැන පොඩ්ඩක් හිතන්න. ඒගොල්ල ගැන දුක් වෙන්න. ඒගෝල්ල ගැන තැකීමක් තියන්න

Read More

රිෂාඩ් බදියුදීන් හා අසාද් සාලි සහාය ලබාදෙන ජනාධිපතිවරණ අපේක්ෂනකයෙකුට තමන් සහාය නොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13දා) පැවසීය.

Read More

නැවත දැනුම් දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසිය කටයුතු කර තිබේ.

Read More

පසුගිය කාල වකවානුවේදී රටේ බොහෝ ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවා විසින් විශාල හානියක් සිදු කළේය.

Read More

හම්බන්තෙට වළක වැටී සිටි අලි පැටවෙකු බේරාගැනීමට වනජීවි නිලධාරීන් සමත්වූයේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරෙන් තමන් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නුවන් සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කළේය.

Read More

කොලොන්නාව සිට අනුරාධපුර දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ශාවස්තිපුර දුම්රිය ස්ථානයේදී අද (13 දා) උදෑසන පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෑතකදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් පසුව මුස්ලිම් සමාජය තනිවීමකට ලක් වී ඇති බව දැනෙන බවත් මුස්ලිම් සමාජය බියෙන් ජීවත්වන නිසා එම බිය සැක තුරන් කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

පානදුර පාසලක් තුළ තිබී ජංගම දුරකතන රැසක් සමග උපකරණ කිහිපයක් යුද හමුදා භාරයට ගෙන තිබේ.

Read More

තවුහීද් ජමාත් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අඩංගු සංයුක්ත තැටි (සී.ඩී) තොගයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලක්වීමේ පනතින් අධිකරණයට ඉදිරිපත් කල රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක ජනමාධ්‍යවේදියාට ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කල අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඔහුව මේ මස (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (13දා) නියෝග කළේය.

Read More

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රාජකාරි වල නිරත වන නිලධාරින් පිරිසක් අද ( 13 ) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමිම නිසා කාර්යාල කටයුතු සම්පුර්ණයෙන් අඩාල වි තිබුණි.

Read More

යුද්ධය හේතුවෙන් මිය ගිය උතුරු නැගෙනහිර සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ජනසංහාර සතියක් නම්කොට උතුරු නැගෙනහිර ස්ථාන කිහිපයකදී ඔවුන් සිහිපත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසයි.

Read More

ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව අද (13) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.

Read More

මේ අතිශය විනාශකාරී තත්ත්වය ඇතුලේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා මර්දන නීති ශක්තිමත් කරගන්න ප්‍රතිත්‍රස්ත පනත සම්මත කරගැනීමට උත්සාහ කරමින් සිටින බැව් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය, කොබෙයිගනේ, රස්නායකපුර හා හෙට්ටිපොළ යන ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගෙන තිබේ. ඒ එම ප්‍රදේශ තුළ යළත් වරක් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙනි.

Read More

අපේ රටේ බුද්ධි සේවය තවත් දියුණු කළ යුතුව තිබෙනවා. තාක්ෂණය උපයෝගි කර ගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් විදෙස් රටවල ආධාර ලැබෙනවා. අයි.එස්. ත්‍රස්ත ක්‍රමවේදය එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ක්‍රමවේදයට වඩා වෙනස්.

Read More

දඹුල්ල, කැකිරාව මඬාටුගම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අන්තවාදි කටයුතු වලට සම්බන්ද බවට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශෙෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීනයේ නිල සංචාරයකට එක්ව ඇති හෙයින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත්කර තිබේ.

Read More

මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධානය හැදුවේ කවුද? මේවාට මුදල් දුන්නේ කවුද? මේවා අපි හරි වේලාවට එළි කරන්නම් යැයි අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

Read More

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය.

Read More

මඩකලපුව මුලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සවූක්කඩ්හිදී ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට සිටි පුද්ගලයින් මඩකලපුව පොලිසිය මගින් අද උදේ අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

පාරිභෝගික භාණ්ඩ සඳහා හඳුන්වාදෙන හලාල් සහතිකය වහාම අදාළ භාණ්ඩවලින් ඉවත් කර ගැනීම සඳහා වන ඉල්ලීම් ලිපියක් පාරිභෝගික කටයුතු අධිකාරියට භාරදීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සූදානම් වෙති.

Read More

රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක්, සොට් ගන් දෙකක්, මෙරට නිශ්පාදිත පිස්තෝලයක්, ටී. 56 උණ්ඩ උණ්ඩ ඇතුළු තවත් උණ්ඩ රාශියක් මෙහිදි හමුවී තිබේ.

Read More

පාසල්වලට සිසුන්ගේ පැමිණීම අද (13දා) දිනයේදී ඉතාමත් අඩු අගයක් ගෙන තිබූ බවත්, එබැවින් පාසල් කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වූ බවත් ගුරු විදුහල්පතිවරු සඳහන් කරති.

Read More

දකුණු පළාත සඳහා දෙමළ භාෂා ගුරුවරුන් 314 දෙනෙකු බදවා ගැනිමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැලසුම් කොට ඇත.

Read More

මත්තේගොඩ යුධ හමුදා කඳවුරට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරන බවට, දුරකථන ඇමතුමක් ලබාදුන් එම කඳවුරේම සේවයේ නියුතු ඉංජිනේරු බළකා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.

Read More

තෙදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන චීනය බලා පිටත්ව ගියේය. ඔහු සමග 27 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්ව තිබේ.

Read More

දිස්ත්‍රික්ක 20කට පවතින උණුසුම් තත්ත්වය අද (13දා) දිනයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙහිදී කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, කුරුණෑගල, අම්පාර, මොනරාගල යන දිස්ත්‍රික්ක 11 තුළ වැඩි අවධානයක් යොමුකළ යුතු මට්ටමේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.