ලංකාවේ බුද්ධි අංශ දියුණු කළ යුතුයි - අගමැති
අයි.එස්.අයි.එස්. සංවිධානයට රටේ සංවර්ධනයවත්, ආර්ථික දියුණුවවත්, එදිනෙදා වැඩකටයුතුවත් කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) රත්නපුරේදී පැවසීය. ඒසේම ලංකවේ බුද්ධි අංශ දියුණු කළ යුතුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
“අයි.එස්. අයි.එස්. ත්‍රස්තවාදී කණ්ඩායම එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයට වඩා වෙනස්. අයි.එස්. ත්‍රස්තවාදී කණ්ඩායමට එක් විශාල සංවිධානයක් නැහැ. එක් කණ්ඩායමක් විනාශ වූ පසු ඒ වෙනුවෙන් තවත් කණ්ඩායමක් බිහි වෙනවා. අප රටක් ලෙස කටයුතු කළ යුත්තේ නැවත එවැනි කණ්ඩායමක් අපේ රටේ බිහිවීම වැලැක්වීමටයි.
මෙම බෝම්බ ප්‍රහාරයේ මූලික අරමුණ වුයේ අති විශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ කිරීමයි. දෙවන අරමුණ වුයේ රටේ ඇතිවී තිබෙන සංහිදියාව විනාශ කිරීමයි. තුන්වන අරමුණ රටේ ආර්ථික දියුණුව සහ සංවර්ධනය අඩාල කිරීමයි. රටේ සාමාන්‍ය තත්වය වෙනස් කරමින් කඩා වැටීමකට ලක්කිරීම ඔවුන්ගේ අරමුණයි.
අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ට කිසිම දිනක අපේ රටේ ආර්ථිකය විනාශ කිරීමට හෝ රටේ සංවර්ධනය අඩපන කිරීමට ඉඩ නොතබන බව මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා. රටක් ලෙස එම අභියෝගයට අපි සාර්ථකව මුහුණ දෙන බවත් විශේෂයෙන් පැවසිය යුතුයි.
එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක නොවීම ගැටළුවක් බව අප පිළිගත යුතුයි. රටේ කඩා වැටීම ආරම්භ වූයේ එම නිසයි. එදා සිදුවීමෙන් පසුව මම ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ ලැබී තිබූ තොරතුරු අනුව ඉදිරියට කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව සිදුවීමෙන් පැය 09ක් ගතවීමටත් පෙර දෙමටගොඩදී ප්‍රධානම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකිවුණා. ඉන් පසුව සිදු කළ සෝදිසි මෙහෙයුම් දියත් කළේත් රජයේ ඔත්තු සේවාවන්ට සහ බුද්ධි සේවාවන්ට ලැබි තිබූ තොරතුරු මතයි.
අපේ රටේ බුද්ධි සේවය තවත් දියුණු කළ යුතුව තිබෙනවා. තාක්ෂණය උපයෝගි කර ගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් විදෙස් රටවල ආධාර ලැබෙනවා. අයි.එස්. ත්‍රස්ත ක්‍රමවේදය එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ක්‍රමවේදයට වඩා වෙනස්.”

popular news
-
මුණසිංහ Monday, 13 May 2019 02:44 PM
නිකන් ඉන්න මහත්තයා. බුද්ධි අංශ ෙය් ඉතිරි ටිකත් ටිකත් පාවා දිල විනාශ කරන්න ද යන්ෙන. අපිට පවු ෙනාදි ගෙදර යනවා ෙහාදයි.
Reply : 100 121
සුමුදු Tuesday, 14 May 2019 06:59 AM
ඇයි ඔහේ මේ තරම් සිංහලයන්ටයි මගේ රටටයි හතුරු? එක්සත් ජාතික පක්ෂය බලයට ආපු හැම වෙලාවකදිම රටේ බුද්ධි අංශ විනාශ කරන්න, ත්‍රස්තවාදය වැඩෙන්න ඉඩ දුන්නා. දැන් ඉතින් කරපු හරිය හොඳටම ඇති ගෙදර යනවා යන්න..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

