ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් පිළි පනි
කොලොන්නාව සිට අනුරාධපුර දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ශාවස්තිපුර දුම්රිය ස්ථානයේදී අද (13 දා) උදෑසන පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්ධන ටැංකි දහයකින් සමන්විත මෙම දුම්රිය එන්ජින් දෙක සහ ඉන්ධන ටැංකියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර, තිරිංග පද්ධතිය ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට දුම්රිය නිලධාරින් සැක කරයි.
එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් උතුරු දුම්රිය මාර්ගයේ අනෙකුත් දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව දුම්රිය ප්‍රකාශකයෙක් මෙහිදී පැවසීය.
අනුරාධපුර - චතුරංග

popular news
-
සිරිබිරිස් Monday, 13 May 2019 05:59 PM
ඉන්ධන වලට හිතක් පපුවක් නැතත් වෙලාවෙන් වෙලාවට මිළ ඉහල දමන නිසා ටිකක් අහංකාර කමක් ඇතිවෙන්න ඇති.අහංකාර කමට දැඟලුමාම ඔහොම දේවල් වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

