යුද්ධයෙන් මිය ගිය පිරිස් වෙනුවෙන් ජනසංහාර සතියක්
යුද්ධය හේතුවෙන් මිය ගිය උතුරු නැගෙනහිර සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ජනසංහාර සතියක් නම්කොට උතුරු නැගෙනහිර ස්ථාන කිහිපයකදී ඔවුන් සිහිපත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසයි.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ජනසංහාර සතිය ඊයේ (12) දිනයෙන් ආරම්භ කරමින් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි යුද්ධය හේතුවෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් මල් පහන් දල්වා මිය ගිය වැසියන්ට ගරු බුහුමන් දැක්වීමට සහභාගී වූ අවස්ථාවේදීය.
මේ අනුව මැයි 12 වනදා සිට 18 වනදා දක්වා ජනසංහාර සතිය ලෙසින් නම් කොට ඇති බවටත් ඊයේ දිනයේදී අවසන් යුද්ධය පැවති මුලතිව් මුල්ලි වයික්කාල් ප්‍රදේශයෙන් ආරම්භ කිලිනොච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපිටදී මිය ගිය වැසියන් සිහිපත් කිරීම සිදු කළ අතර අනතුරුව වවුනියාව බණ්ඩාර වන්නියන් ප්‍රතිමාව ඉදිරිපිටදීද සිහිපත් කිරීම සිදු කරනු ලැබීය.
අනතුරුව අද (13) දිනය වනවිට මන්නාරම දිස්ත්‍රීක්කයන්හි ජනසංහාර සතිය සිහිපත් කොට හෙට (14) දිනයේදී යාපනය දිස්ත්‍රීක්කයේ සිදු කිරීමට නියමිත බවටද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
රටේ පවතින අයහපත් වාතාවරණය අනුව ජනසංහාර සතිය සිහිපත් කිරීමේදී වැඩි පිරිසක් එක්රැස් නොකරගෙන ඉතා කුඩා කණ්ඩායම් රැස් වී මෙම සැමරීම් සිදු කිරීමට පියවර ගෙන ඇත.

popular news
-
rocky Tuesday, 14 May 2019 06:51 AM
`ජනසංහාර සතියක්?` එහෙම නම් ඉතින් මේ සතිය තුල දිගට හරහට මරා ගන්නයි තියෙන්නේ!! කඩු එහෙමෙ ගබඩා කරගන හිටියේ මේකට වෙන්න ඇති!!
Reply : 0 0
Champa Tuesday, 14 May 2019 11:40 AM
මෙහෙම කරන්නේ කොහොමද? ඇයි මේක තහනම් කලේ නැත්තේ? තව හමුදා ආරක්ෂාවත් ඉල්ලනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

