දකුණු පළාතට දෙමළ භාෂා ගුරුවරුන් 314 දෙනෙකු බඳවා ගැනේ
දකුණු පළාත සඳහා දෙමළ භාෂා ගුරුවරුන් 314 දෙනෙකු බදවා ගැනිමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් සැලසුම් කොට ඇත.
දකුණු පළාතේ දෙමළ භාෂා ගුරුවරුන් 314 දෙනෙකුගේ පුරප්පාඩු පැවති අතර ඒ සඳහා මිට සති දෙකකට පමණ ඉහතදි අයදුම්පත් කැඳවා මාස දෙකක් ඇතුලත දෙමළ භාෂා ගුරුවරුන් බදවා ගැනිමට කටයුතු කරන බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසයි.
දැනට දකුණු පළාත තුල ගුරු හිඟයක් නොමැති බව පවසන දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලබන අගොස්තු මස 01 වැනිදා වනවිට ගුරු පුරප්පාඩු 1,700ක් ඇතිවන බවත් මේ වනවිට ඒ සඳහා ගුරුවරු බදවා ගැනිමට විභාග පවත්වා සම්මුඛ පරික්ෂණ සිදුකරමින් පවතින බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 14 May 2019 11:43 AM
එහෙමද? හැබැයි උතුරටත් ඔය ගානටම සිංහල ගුරුවරුන් බඳවා ගන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

