saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 10879 hours ago

LATEST

කැනිමකදි ඉපැරණි ගණදෙවි පිළිමයක් හා නටඹුන් කිහිපයක් සොයා ගැනේ

calendar_today 2019 ජුලි 18 - 13:20 remove_red_eye - 889  

මන්නාරම කුරුන්දන්කුලම් වැව අසල පිහිටි ගණදෙවි කෝවිලක සිදු කරන ලද කැනීම් වලදී 13 වැනි සියවසට අයත් ඉපැරණි ගණදෙවි පිළිමයක් හා නටඹුන් කිහිපයක් හමු වූ බවට යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.

මෙම මෙහෙයුම් පසුගය 05 දා සිට ආරම්භ කළ අතර එය මාසයක කාලයක් පුරාවට ක්‍රියාවට නැංවීමට නියමිතය.

Read More

මේක බෞද්ධ රටක් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වගේ ඉන්න බුදු හාමුදුරුවොත් මහා සංඝරත්නයත් අපි හිස් මුදුනින් පිළිගන්න පිරිසක්’’මහා සංඝරත්නයට අපහාස කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට විරුද්ධ විනය පරික්ෂණයක් සිදුකිරිමට අගමැතිවරයා මෙවන විටත් ක්‍රියා කරමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් ඊයේ (17) සවස උතුරු ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේදී පැවැත්වුණි.

Read More

පොලොන්නරුව නගරය ආසන්නයට ත්‍රිකුණාමලය වරායෙන් නැව් ආපු යුගයක් තිබුණා. මහා පරාක්‍රමබාහු රජතුමා රටවල් ඇල්ලුවේ පොලොන්නරුවෙන් යුද නැව්වලට නැගලා ත්‍රිකුණාමලයෙන් පිටවෙලා ගිහිල්ලා.

Read More

ජුලි මස 20 දා දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ හා දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හා සුළං තත්ත්වය වැඩිවීමට ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභාවේ මීළඟ සාක්‍ෂි විමසීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය ආයතනවලට ඉඩ නොදෙන බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

Read More

බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එලඹෙන එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සියලුදෙනාම ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පෙරේදා (16දා) සවස 4.00 සිට ක්‍රියාත්මක තැපැල් සේවක වැඩ වර්ජනය අද (18දා) සවස 4.00 පසු අවසන් කරන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසයි.

Read More

දුම්කොළ සමග බුලත්විට කෑම ඊට ප්‍රධානතම හේතුවයි.

Read More

’අද’ පුවත්පතට හිමි සම්මානය විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අතින් අද පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දිනේෂ් මන්ත්‍රී විතාන මහතා විසින් ලබාගත් අයුරු මෙහි දැක්වේ. එම අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාද මෙහි වෙයි.කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (17දා) පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ (2017/18) විශිෂ්ටතම ක්‍රීඩා පිටුවට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ ජාතික පුවත්පතට හිමිවිය. ජනාධිපති මෛත්‍රීපාල සිර

Read More

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීතිවිරෝධී ලෙස ගණිකා වෘත්තියේ යෙදී සිටි චීන සහ රුසියානු ජාතික කාන්තාවන් තිදෙනකු කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේදි අද (17) දින උදෑසන ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක , සහකාර පාලක (නීති ) ගයාන් මිලින්ද මහතා පැවසීය .

Read More

තවමත් ලෝකයේ කිසිදු රටකට දෙවැනි නොවූ මෙරට පුරාණ තාක්ෂණික ශිල්පීය ක්‍රම සහ දැනුම ආරක්ෂා කර ගනිමින් හෙට දවසේ ද නිපුණතාවයෙන් සහ දක්ෂතාවයෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

බිමත්ව රියදුරු බලපත්‍රය , අදායම් බලපත්‍රය, රක්ෂණ බලපත්‍රය, නොමැතිව ත්‍රිරෝද රථයක් ධාවනය කිරිමේ චෝදනා මත හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකුට අදාළ චෝදනා සදහා වරදකරු වුයෙන් හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජේ. ට්‍රොස්කි මහතා විසින් රුපියල් හැත්තහත්දහාස් පන්සියයක දඩ මුදලක් ගෙවිමට අද (17) දින නියෝග කළේය.

Read More

රජයක් වශයෙන් සියලුම ආගමික ස්ථාන වලට ඉදිරියේදි විදුලිය නොමිලයේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරයි.

Read More

මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යාහැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

බළන්ගොඩ සමනලවත්ත සහන් කුමාර ධර්මසේන දරුවා අතුරුදහන් වී වසරක් ගත්වී ඇතත් කිසිඳු තොරතුරක් ලැබී නොමැති බව බළන්ගොඩ පොලීසිය පැවසීය.

Read More

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලබන 19 වැනිදාට පෙර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (17) වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේය.

Read More

අද රටේ තිබෙන වර්තමාන තත්ත්වය ගත්තොත් ජනතාව බරපතළ ආර්ථික පීඩනයකට හසු වි ඇති බවත්, මේ රටේ අම්මාවරුන්ට කන්න දෙන්න විදිහක් නැතුව දරුවත් අරගෙන කෝච්චියට පනින්න තත්ත්වයක් ඇති වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

භික්ෂූන් වහන්සේලාට අපහාස කර ඇති නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා පොලීසියට දින දෙකක් ලබාදෙන බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ අද (17) පැවසූහ.

Read More

ජලය මත විශාල ලෙස පැතිරීගිය තෙල් පැල්ලම් තට්ටුවකින් ඉහළ කොත්මලේ ජලාශයේ පවතින අයුරු අද (17) දක්නට ලැබුණු බව තලවකැලේ නගර වැසියෝ කියති.

Read More

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු සභාවේ මේස පුටු පෙරළාගෙන න්‍යාය පත්‍ර විසි කරමින් අද (17) දැඩි උණුසුම් තත්ත්වයක් ඇති කර ගත් අතර එම නිසා විශේෂ සභාවේ කටයුතු පැය භාගයකට සිමා විය.

Read More

ගුරු, විදුහල්පති සේවාවේ දිගු කලක් තිස්සේ විසඳුම් ලබා නොදී පැවති ගැටලු රැසකට විසඳුම් ලබා දෙන්නට තම නායකත්වය යටතේ හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ආදේශක, අනියම් තාවකාලික පදනමින් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් පිරිස ස්ථිර කිරීමේදී සේවකයන් හත්සිය දෙනෙකු නොසලකා හැර තිබෙන බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.

Read More

පොළොන්නරුවට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ වැලිකන්ද , දිඹුලාගල , මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පහ තුළ පවුල් 6,407ක් පුද්ගලයින් 21,719 දෙනෙකුත් පාසල් 12ක් සහ එහි දරුවන් 2,878 දෙනෙකු වියළි කාලගුණ තත්ත්වය හමුවේ පානීය ජල හිඟයකට මුහුණ දි ඇති බව පොළොන්නරුව සහකාර ආපදා කළමණාකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.

Read More

මහා සංඝරත්නයට අපහාසවන අයුරින් රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශයට හා සමෘද්ධි සහනාධාර ලබාදිමේ ක්‍රමවේදයේ අක්‍රමිකතා ඇති බව පවසමින් එයට විරෝධය පළකරමින් අක්මිමන ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් විවිධ වැකි ලියු පොස්ටර් ප්‍රදර්ශනය කරමින් අද (17) පැවති අක්මිමන ප්‍රාදේශිය සභා රැස්විමට පැමිණියහ.

Read More

සේනාදළඹු උවදුරින් හානියට පත්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාවන් වෙනුවෙන් එම ගොවීන් 388 දෙනෙකුට වන්දි මුදල් ගෙවිමට කටයුතු යොදා තිබේ.

Read More

තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් මිල වැඩි කිරීමට බේකරි හිමියන් තීරණය කර තිබේ.

Read More

ඕමන්ත පුදිය වේලාර් සින්නකුලම් ප්‍රදේශයේදි ඊයේ (16) දින සිවිල් ආරක්ෂක බළකා සෙබළියකට හා ඇගේ සොහොයුරාට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දිනම අත්අඩංගුවට ගත් බවට ඕමන්ත පොලීසිය පවසයි.

Read More

වවුනියාව විලක්කුවයිත්ත කුලම් ප්‍රදේශයේදි නැවත පදිංචි වැසියෙකු විසින් සිය ඉඩම පස් කපන යන්ත්‍රයක් යොදා පිළිසකර කරමින් සිටින අතරතුරදී වළදමා තිබූ බිම්බෝම්බ තොගයක් ඊයේ (16) සවස හමුවී ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.