saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 10644 hours ago

LATEST

දෙකෝටියක රන් රේගුවේදී අත්අඩංගුවට

calendar_today 2019 ජුනි 29 - 09:09 remove_red_eye - 380  

පියල් දෙකෝටි හැට ලක්ෂයක් (2,60,00,000) ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ සිංගප්පූරු ජාතික යුවළක් ඊයේ (28දා) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය දක්වා පහළ ගියෙ අවසන් පූර්ව තරගය සඳහා පැමිණීමේ බලාපොරොත්තු අවම කරමිනි.

Read More

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ කළමණාකරණ පිඨයේ හා ඉංජිනේරු පිඨයේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුර දිග යාමෙන් සිසුවකු හා සිසුවියක් සුළු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බැව් අක්මිමන පොලීසිය පවසයි.

Read More

රට තුළ සිදුවන ළමා අපයෝජන අවම කරමින් ඔවුනට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදා කරදිම මෙහෙවරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරත වෙමින් පවති.

Read More

දකුණු පළාත් සභා පාසල් එළැඹෙන සඳුදා සිට පස්වරු 2.30 දක්වා පවත්වන ලෙස පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද පස්වරුවේදී දකුණු පළාත් සභා පාසල් වෙත දන්වා තිබේ.

Read More

අපවත් වී වදාළ උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකාරක සංඝ සභාවේ කාරක සභික, මහනුවර හා තදානුබද්ධ ප්‍රදේශයන්හි සංඝනායක, ගිරිතලේ අග්‍රබෝධි විහාරාධිපති දර්ශනපති පූජ්‍ය වරදිවල ධම්මාරාම නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.

Read More

ජූනි 26 වනදාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධි ප‍්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නැංවූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ පස් වන දිනය අදයි.

Read More

සියලූ ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන විනයගරුක සහ සාමකාමී රටක් ගොඩනැඟිමට දැයේ සියලූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණය ඇතුලූ අනෙකුත් මැතිවරණ සඳහා සන්ධානයකින් තරග කිරිමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුලූ සංවිධාන රැසක් තීරණය කරයි.

Read More

බෝම්බ ,ප්‍රහාර ,වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව සටන ඉදිරියටම ගෙනයන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

ගාල්ල ශ්‍රී ලංගගගම ඩිපෝවෙන් ටිකට් යන්ත්‍රයක් සොරකම්කරගෙන මගීන්ට ව්‍යාජ ටිකට්පත් නිකුත් කොට රුපියල් ලක්ෂ ගණනක් වංචා කිරිම සම්බන්ධයෙන් ගාලු ඩිපෝවේ කළමනාකරු ඇතුලු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කල බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රාදේශිය කළමනාකාර කාර්යාලය පවසයි.

Read More

හෙට (29) දිනය තුළ දී පොළොන්නරුව, මඩකලපුව, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමුඛ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වලක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඊෂිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් පැකට් දුරකථයෙන් දන්වන ස්ථානයන්හි සඟවා යන ප්‍රධානපෙළේ හෙරොයින් බෙදාහරින්නෙකු බදුල්ල උඩුවර අතුරු මාර්ගයකදී රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා හෙරොයින් පැකට් 60ක් සමඟ අද (28) අත්අඩංගුවට ගත් බව බදුල්ල දිසා පොලිස් විෂමත්ද්‍රව්‍ය ඒකකය පවසයි .

Read More

ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක ලබාදීමට ක්‍රියාකරන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝධ පියවර ගන්නා දකුණු ආසියාවේ මුල්ම රට ශ්‍රී ලංකාව බව ද අවධාරණය කළේය.

Read More

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දසදෙනාට ලබන ජුලි මස 19 වන දින ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනි සිටින්නැයි එම මහාධිකරණය විත්තිකරුවන්ට එරෙහිව සිතාසි නිකුත් කළේය.

Read More

තම දිස්ත්‍රික්කයේ සංවර්ධනයට කැපවීම එම නියෝජනය කරන සියලූ අමාත්‍යවරුන්ගේ වගකීම බව ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

වනඅලියකු කළ පහරදීමකින් එප්පාවල, තිඹිරිවැව ප්‍රදේශයේ දෙදරු පියෙකු ඊයේ (27) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්ව ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.

Read More

බදුල්ල පොලිස් වසමේ බෝගහමඩිත්ත ප්රුදේශයේදි බදුල්ල දිසා සිෂමත්දුව්යු ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (27) ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 885ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මරණීය දණ්ඩනය ලබාදීම ශිෂ්ට සම්පන්න රටක තත්ත්වයක් නොවන බැවින් ශ්‍රී ලංකාව තුළ කුමන ආකාරයකින් හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ නොකරන බව එක්සත් ජාතික පක්‍ෂය ප්‍රකාශ කරයි.

Read More

විෂවීම් නිසා රෝහල්ගත වන කාන්තාවන් ගණන පිරිමින්ට සාපේක්ෂව වැඩි වුණත් විෂවීම් නිසා මියයන පිරිමින් සංඛ්‍යාව කාන්තාවන්ට වඩා වැඩි බව මෙහිදී වෛද්‍යවරයා පැවසුවේය.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධව සොයා බලා වාර්තා කිරිමේ විශේෂ කාරක සභාව හමුවට හෙට (28) දින තමාව කැඳවා තිබෙන බවත්,එම අවස්ථාවට මුහුණ දෙන්නේද නැද්ද යන්න සම්බන්ධව කල්පනා කරමින් සිටින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.

Read More

නීතිවිරෝධී ලෙස රහසිගතව උතුරු මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට යාපනයට පැමිණිමට උත්සාහ කළ ශ්‍රී ලාංකීක පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පත්කර තිබෙන තේරීම් කාරක සභාව ඉදිරියට අගමැතිවරයා හා විපක්ෂනායකවරයා කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ජනතාව අතර දිළිඳුභාවය ඉහළයාමට මත්ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් වී තිබෙන අතර, සමෘද්ධිමත් මෙන්ම යහපත් රටක් ගොඩනැඟිමේ කාර්යයේදී මත්ද්‍රව්‍යවලට එරෙහි ප්‍රබල සටනක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

Read More

රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් සිදු කළ බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේදී අද (27දා) නඩු පැවරුවේය.

Read More

දේශීය දේවල් කාලා අපට ඇඟට එන ශක්තිය කියල නිම කළ නොහැකි බවත් අපි පුදුමාකාර හයිය තියෙන ජාතියක් බව ඔලිම්පික් පදක්කම් ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

Read More

මෙරට තුළ ඇති ප්‍රශ්න මරණ දණ්ඩනයෙන් විසඳිය නොහැකි බවත්, ඊට හේතුව නීතිය හැමට එක ආකාරයට අපක්ෂපාතීව ශ්‍රීඝ්‍රයෙන් ක්‍රියාකාරි නොවීම බවත්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් ගත වූ වසර හතර, පහ තුළ රජය රුපියල් මිලියන 7000 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවත් මෙතරම් විශාල මුදලක් බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් වෙන් කළ වෙනත් ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ නොතිබූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක අංශවල දැනට සේවයේ නියුතු පිරිස් අතරින් තම නිවෙස් වලට තවමත් විදුලිබලය ලබානොගත් පිරිස් සඳහා ප්‍රමුඛතාවයක් ලබාදෙමින්, නව විදුලි සබදතා ලබාදීමේ කාර්යය සිදුකරන ලෙස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ වෙල උපදෙස් දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.