බන්ධනාගාර ඉඩ ඇත්තේ 11000කටයි 24000ක් ඉන්නවා
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඉඩ කඩ ඇත්තේ 11000ක පිරිසකට වුවත් බන්ධනාගාර තුළ රඳවා ඇති සංඛ්‍යාව 24000ක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත් පත් කතුවරුන් හා පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව අද (26දා) සඳහන් කළේය.
“රටේ ඉතාම නරක තත්ත්වයක් තිබෙන්නේ. සමාජ මාධ්‍ය තුළ කිසිඳු දැන හැදිනීමක් නොකර එයින් කට්ටිය එකතු කරනවා. එන අයට පෙත්තක් දාලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනවා. මේක ඉතාම නරකයි. ගෑණු ළමයි දන්නේ නෑ මොකද වුණේ කියලා. ලංකාවේ විශ්වවිද්‍යාල හෙරොයින් ගිලගෙන තිබෙන්නේ.
පාසල්වලට නගරයේ නෙමෙයි ගමබද පාසල් දක්වා මත්කුඩු මත්පෙති දැඩි ලෙස ව්‍යාප්ත වී තිබෙනවා. මත්කුඩු භාවිත කරන ලක්ෂ 3ක් ඉන්නවා ලංකාවේ. දැන් පුනරුත්තාපන කඳවුරු ප්‍රමාණවත් නෑ. ලංකාවේ හිරගෙවල් වල දාන්න පුළුවන් ගාන 11000යි.
දැන් ඉන්නවා හිර ගෙවල් වල 24000ක්. මේ 24000න් සියයට 60ක් මත්ද්‍රව්‍ය නිසා ඉන්නා අය. සමහර දඩුවම් විදිනවා. සමහර අය රිමාන්ඩ්.”

popular news
-
සිරිබිරිස් Thursday, 27 June 2019 06:25 AM
ජනාධිපතිතුමාගේ කථාව නොඅසා මෙයනම් තේරුම් ගන්න හරිම අමාරුයි.අපි කුඩාකාලයේ අපේ ගුරු උතුමන්ලා කිව්වේ පුවත්පත් බලා භාෂව ඉගෙනගන්න කියල.මේ ලිපිය කියෙව්වාම මොනවද කියන්නේ හිතාගන්න බැරුව ඔලුව කැරකෙනවා
Reply : 0 0
Champa Thursday, 27 June 2019 09:27 AM
දැන් මෙය මේ අපිටද මේක කියන්නේ? මේ තමයි ගෙනාවයි කියපු බම්බු ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිඵල. රටට කරපු මහා විනාශයට තමන්ගේ එල්ලුම් ගහ තමන්ම අත්සන් කරගන්න විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ.
Reply : 0 0
Champa Thursday, 27 June 2019 09:33 AM
මොකක්ද මේ කියන්නේ? මට නම් තේරෙන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

