පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වුවන්ගේ අරමුදලට කාදිනල් හිමිට ඉතාලියේදි පරිත්‍යාගයක්
පාස්කු ඉරිදා සිදු වුන ඛේදවාචකයේ දුක් කඳුලු වේදනාව අපිට දැණුනද රට කරවන බලධාරින්ට නොදැනෙන බවත් මාස දෙකක කාලයක් ගතවීත් මෙම ඛේදවාචකයට වගකිය යුතු පිරිස් හඳුනා ගැනිමට හෝ දඬුවම් ලබා දීමට නොහැකිවිම රටේම අවාසනාවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
ඉතාලියේ බ්‍රේෂියා චෙන්ත්රො පාවුලෝ සේස්ටෝ මධ්‍යස්ථානයේදි ඊයේ (25) කතෝලික ලාංකිකයන් හමුවු අවස්ථාවේදි මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අසරණ වු කිතුණු පවුල්වල සුභ සාධනය සඳහා බ්‍රේෂියා නගරයේ ජිවත් වන ලාංකිකයන් හා ඉතාලි ජාතිකයන්ගේ දායකත්වයෙන් එකතු වු කිතු සවිය අරමුදල් යුරෝ 4520ක ආසන්න වශයෙන් රුපියල් නමලක්ෂයකට පමණ මුදලක් කාදිනල් හිමිපාණන්ට භාර දීමද විශේෂත්වයකි.
මෙම අවස්ථාවට බ්‍රේෂියා රදගුරු පියරේ අන්තෝනියෝ හිමිපාණන් සමග ඉතාලියේ ලාංකික කතෝලික අධ්යක්ෂ නෙවිල් ජෝ පියතුමා හා බ්‍රේෂියා කිතුණු සංඝය භාර ජෝර්ජ් ලින්ටන් පියතුමා හා ලාංකිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

