මෙම පිරිසෙන් 1108 කාන්තාවන් බවත්, 44406 පිරිමි පුද්ගලයන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
ගෝලීය අධ්‍යාපන ඉලක්ක ජයගත හැකි පරිදි මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read Moreනොමිලේ පෙළපොත් ලබාදීම සඳහා පමණක් රජය මෙවර රුපියල් මිලියන 4,165ක් වැය කරයි. පොත් වර්ග 448කින් පිටපත් මිලියන 43ක් සිසුන් අතට පත්කිරීමට නියමිතය.
Read Moreඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (13දා) මධ්‍යම රාත්‍රි‘යේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා තිබේ.
Read Moreතමාගේ පියාගේ ඝාතකයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාව ඉල්ලන්නේදැයි සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් ප්‍රශ්ණ කරයි.
Read Moreඅද (13) දවස පුරා කඳුකර ප්‍රදේශවලට ඇද හැලුණු වර්ෂාවෙන් යටියන්තොට ප්‍රදේශය හරහා ගලා බසින කැළණිගගේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ යාමක් සිදුවූ අතර කැළණිගඟ අවට හා පහත්බිම්වල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවත් කැළණිගඟට බැසීමේදී සැලකිලිමත් විය යුතු බවත් සැඩ පහර සැර බැවින් ඔරුපාරුවලින් එගොඩවීම නොකරන ලෙසත් යටියන්තොට පොලීසිය ජනතාව දැනුවත් කරයි.
Read Moreවන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසන්වරට වන අලි සමීක්ෂණයක් සිදුකර තිබුණේ 2011 වසරේදීය. එහිදී වන අලි ගහනය 5879ක් ලෙස ගණන් බලා තිබුණි.
Read More“එක් අපේක්ෂකයෙක් තමන් විසින් තමන්ව තෝරාගත් අපේක්ෂකයෙක්. එක්කෙනෙක් ෂර්ට් එකක් ඇඳගෙන ආවා තව කෙනෙක් ටී ෂර්ට් එකක් ඇඳගෙන ආවා.තාත්තලාගේ නම් විකුණනවා. තාත්තා කරපු දේවල් කරන්න පුතා එනවා කිව්වට ජනතාව රැවටෙන්න එපා.”
Read Moreශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න සුවවි ඒ සදහා වු භාරය ඔප්පු කිරිමට මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ විශ්ණු දේවාලයේ පෙරහැරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර තරයේ හෙළා දිකින බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසයි.
Read Moreකොක්කෙන් හරි කෙක්කෙන් හරි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ගාමීය ආර්ථික රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
Read Moreහිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් එදා තම ආරක්ෂාව සලසා ගත්තේ කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ ලබා දී මෙරට තරුණ තරුණියන් 60,000ක් ‘ටයර් සෑයවල’ යවා යැයි වැඩිහිටි පරම්පරාවට අමතක නොමැති බවත් තම සදාදරණීය පියා ගිය මාර්ගයේ යන බවට වහසිබස් දොඩවන, සජිත් ප්‍රේමදාස මහතා, තමන්ට ජනාධිපති ධුරය ලැබුණොත් ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ ද ඒ ආකාරයටම දැයි ජාතික නිදහස් පෙරමුණ ප්‍රශ්න කර සිටී.
Read Moreබාහිර උපාධිධාරීන් මේ මස අවසානයේ සිට රජයේ රැකියාවලට බඳවා ගන්නා බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය අද (13දා) පොරොන්දු වූ බවට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
Read Moreඅඹගමුව, කොත්මලේ හා නුවරඑළිය යන ප්‍ර‘දේශවලට පවතින වැසි නිසා එම ප්‍ර‘දේශවල පිහිටි කඳු නාය යාම හා පස් කණ්ඩි කඩාවැටීම සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
Read Moreහිටපු ජනාධිපති,විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සිට මහනුවර බලා මීට සුලූ මොහොතකට පෙර ගමන් ඇරඹිය.
Read Moreඑක්සත් ජාතික පක්ෂනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොබෙයියකු ගැන කතා කරන බවත් කොබෙයියෙක් සමග සටන් කිරීම සඳහා වටු කුරුල්ලන්ට හෝ වෙනත් පක්ෂියෙක් සුදුසු නැති බවත් ඒ සඳහා රාජාලියෙකු සටනට දැමිය යුතු යැයි එම රාජඅලියා පක්ෂය තුළම සිටින සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා පවසයි.
Read Moreඋතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ නව පක්ෂය වූ තමිල් මක්කල් කූට්ටනී නොහොත් දෙමළ ජනතා සන්ධාන පක්ෂ ප්‍රාදේශිය කාර්යාලයක් වව්නියාව මන්නාරම් මාර්ගයේ විවෘත වුණි.
Read Moreඑස් - 14 බලවේග කට්ටලයක එංජින් දෙකක් ඇත. වායුසමනය කළ මැදිරි දෙකකින්ද දෙවැනි පංතියේ මැදිරි දෙකකින්ද තුන්වැනි පංතියේ මැදිරි තුනකින්ද එය සමන්විත වෙයි. භෝජන මැදිරියක්ද ඇත.
Read Moreවව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදි ඊයේ (12) රාත්‍රියේ තරුණයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර තවත් තරුණියන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.
Read Moreහෙට (14දා) අරඹෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා මතුව තිබේ. මේ වන විට තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාව ඇදහැලෙන අතර දිනය පුරාම මෙතෙක් කඩින් කඩ වර්ෂාව පතිත විය.
Read Moreඑංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියමිත ආකාරයට ඉදිරිය යා යුතු බවත් ඔහු සඳහන් කරයි’
Read Moreආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13දා) අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.
Read Moreඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ගන්නා බවත්, මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නොමැති බව ශ්‍රී , ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read More2028 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවේ අවධානය යොමුව තිබේ.
Read Moreකෙසේ වෙතත් තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශ වාර්තාවක් පාකිස්තානයෙන් ලබා ගැනීමේ සුදානමක්ද පවතින බව අනාවරණය වේ.
Read Moreඅවිදිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 100ට වඩා විනාශ වී ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට නියමිත බවට වාර්තා වේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්‍ෂකයෙකුට 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම අවිනිශ්චිත තත්ත්වයක් බවට පත්ව තිබෙන නිසා දෙවැනි හා තුන්වැනි මනාපය ඉතාමත් වැදගත් සාධකයක් වන බව පැෆරල් සංවිධානය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලසීමාව තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාවක් මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුන පෙරමුණ විසින් පෙරේදා (11දා) පැවැත්වූ රැලියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.
Read More