කුරුණෑගල නගරාධිපති රිමාන්ඩ්
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව (ශ්රී ලංකා පොදුජන පෙරමුණ) මහතා සැප්තැම්බර් මස 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය.
නගරාධිපතිවරයා මෝසමක් මඟින් අද (9දා) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බිය ගන්වා මුදල් කොල්ලකෑවේ යැයි කියන සිදුවීමකට අදාළව ගොනුකර ඇති නඩුවක පළමුවන සැකකරු වන්නේ කුරුණෑගල නගරාධිපතිවරයයි.
පසුගිය 25 දා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදි ඔහු අධිකරණය හමුවේ පෙනී නොසීටීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබුණි. ඒ අනුව නගරාධිපතිවරයා මෝසමක් මගින් අද අධිකරණයට ඉදිරිපත්විය.
පුෂ්පකුමාර ජයරත්න

popular news
-
Daya Friday, 09 August 2019 06:03 PM
නියම කෙනා ජනාධිපති වරණයට SLPP එකේ අපේක්ෂකයා කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

