එක්සත් ජාතික පෙරමුණ සමගඑක්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ හා සංවිධාන එක්ව පිහිටුවනු ලබන පුළුල් දේශපාලන පෙරමුණ, කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන එ.ජා.ප. මැයිදින රැලියේදී එළිදැක්වීමට සියලු කටයුතු යොදා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂිතය සහ අවට අද ( 17) දහවල් පැතිරි ගිය ගින්නකින් අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ ඒ .එම් . ආර්.එන්.කේ .අලහකොන් මහතා පැවසිය .
Read Moreයුද සමයේදී සිදු වූවායැයි පැවසෙන යුද අපරාධ වෙනුවෙන් වහාම ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට දෙමුහුන් අධිකරණයක් පිහිටුවා වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ (16) දින යාපනයේ විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.
Read Moreආණ්ඩුවේ කිසිදු මුදලක් නොමැතිව ගාල්ල දිස්ත්‍රික්කය තුළ එකවර නිවාස 25,000ක් ඉදි කිරිම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කොට ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණු විගස මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බැව් ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමති වජිර අබේවර්ධන මහතා අද පස්වරුවේ (17) ගාල්ල නුගදුවේ දි පැවසිය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන හෙට (18) පුත්තලමෙන් ආරම්භ වේ.
Read Moreසේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් හට වන්දි පිරිනැමීම කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවැත්වුණි.
Read Moreඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර වල අඩංගු සීනි, තෙල් සහ ලුණු සඳහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 දා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreඅළුතින් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය ජනතාවාදි ව්‍යවස්ථාවක් විය යුතු බවත්, එමඟින් ජාතීන් අතර ආගම් අතර බෙදිමක් ඇතිවන ආකාරයේ ව්‍යවස්ථාවක් නොවිය යුතු බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දී රාජකාරීයට බාධා කළ බවට ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති එම් කේ අමිල් මහතාගේ (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ) සභාපති ධුරය සහ සභික ධුරය අහෝසි කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සඳහන් වේ.
Read Moreඕනෑම රටකට නරක කාලයක් උදා වෙන්න පුළුවන්. ශ්‍රි ලංකාවත් නරක කාලයක් පසුකළා. දැන් අපි පසුගිය දේ, අපට අහිමිවූ දේ, කිරීමට නොහැකි වූ දේ අමතක කරලා, දැන් අපි රට ගැන සිතිය යුතුයි. මේ වනවිට අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් රටේ අනාගතය, ජනතාවගේ සුභසිද්ධීය වෙනුවෙන් නව දේශපාලන සංස්කෘතියක් හදුන්වාදී ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 300ක් වටිනා කැරට් විසිහතරේ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු අද(17) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
Read Moreඅද සහ හෙට (17,18) යන දිනයන්හි ,විශේෂයෙන් බස්නාහිර,,සබරගමුව,වයඔ,මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇති විමේ හැකියාව ඉහළ මට්ටමක ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකාවෙන් අල්ලස දුෂණය තුරන් කිරිමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම උත්සවාකාරයෙන් දියත් කිරිම හෙට (18) දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදි සිදු කරන බව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව නිවේදනය කරයි.
Read Moreවවුනියාව කුඩකච්චකොඩි ප්‍රදේශයේ රක්ෂිතයක තිබී දිරා ගිය ගිනිඅවි ඇතුළු යුද උපකරණ තොගයක් ඊයේ (16) දින හමු වූ බවට වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසූහ.
Read Moreපොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් 21කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreපොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති ලෙස එම ඒකකයේ සෙවය කළ එන් ප්‍රැන්සිස් මහතා පත්කර තිබේ.
Read Moreකිරි මිල සූූූූත්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමට සාපෙක්ෂව දේශීය කිරි පිටි මිලද වැඩිවීමට නියමිතය.
Read Moreකිරිපිටි මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 18 දා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී දියත් කිරීමට නියමිතව තිබේ.
Read Moreඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණ මළ සිරුරක් තලවාකැලේ පොලීසිය මගින් අද (16දා) සොයා ගනු ලැබීය. මෙම මළ සිරුර නානුඔය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ක්ලින්ටන් ඇලස්ඩ් නැමති අයෙකුගේ බව මියගිය අයගේ ඥාතීන් හඳුනාගෙන ඇත.
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ඊයේ (15 දා) උදෑසන 6.00 සිට රාත්‍රී 9.00 දක්වා දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ අපරාධ සඳහා පුද්ගලයින් 2646ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද (16දා) පෙරවරු 8.17ට පමණ බදුල්ලට භූචලනයක් ඇතිව තිබේ.
Read Moreහෙට හා අනිද්දා (17දා හා 18දා) දියන්හිදී විහේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව හා දකුණු පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreත්‍රිපටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ යෝජනාව නිමිත්තෙන් පවත්වන ත්‍රිපිටකාභිවන්දනා සතිය හෙට (16දා) සිට මාර්තු 23 දක්වා ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreමෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සම්බන්ධයෙන් ගත යුතු තීරණ පිළිබඳව අවධානය යොමු කරමින් සාමාජිකයන් 14 දෙනෙකුගෙන් යුත් නව සංචරණ උපදේශක කමිටුවක් පත් කිරීමට සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreමොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ඉදිකිරිමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.
Read Moreතම දරුවාගේ මාසික අමතර පංති වෙනුවෙන් රුපියල් 65000ක පමණ මුදලක් වැය වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
Read Moreනවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකක සිදුවූ වූ විවෘත වෙඩි තැබීම පිළිබඳව ශ්‍රී ලංකාවද සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.
Read Moreමෙරට තුළ අලෙවි කරන බොහෝ පොල්තෙල්වල තත්ත්වය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreනයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගීවීම සඳහා ගිය ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා අතර හමුව ඊයේ (14) පස්වරුවේ සිදු විය.
Read More