පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කිරීමට ගත් තීරණය හරි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරිමට ගත් තීරණය නිවැරදි තීරණයක් බව හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඔවුන් ජාතික ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර ගත් බවත් දේශපාලනය පිළිබඳව අවධානය යොමුකළා නම් ඔවුන්ට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණ බවත් ෆීල්ඩ් මාෂල්වරයා සඳහන් කළේය.
එසේම තම පියා සිදුකළ කාර්යයන් පිළිබඳව ප්‍රකාශ කරමින් ජනතිවරණයට ඉදිරිපත්වීමට ඇතැම් අය කටයුතු කරන බවත් ඔවුන් පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
“එක් අපේක්ෂකයෙක් තමන් විසින් තමන්ව තෝරාගත් අපේක්ෂකයෙක්. එක්කෙනෙක් ෂර්ට් එකක් ඇඳගෙන ආවා තව කෙනෙක් ටී ෂර්ට් එකක් ඇඳගෙන ආවා.තාත්තලාගේ නම් විකුණනවා. තාත්තා කරපු දේවල් කරන්න පුතා එනවා කිව්වට ජනතාව රැවටෙන්න එපා.”
popular news
-
Champa Wednesday, 14 August 2019 06:24 AM
කන්න ඕනේ වුනහම කබරගොයත් තලගොයා වෙනවලු. ලැජ්ජයි. මෙලෝ ප්‍රතිපත්තියක් නැහැ. දේශපාලකයෝ අංශක 180ක් කැරකිලා කලින් කියපුවට හාත්පසින්ම වෙනස් දේවල් කියන්නේ මිනිස්සුන්ට ඒවා අමතක වෙලා කියලා හිතන් වෙන්නැති. 225ම මෙහෙමයි කියලා මිනිස්සු පිළිකුලෙන් කතා කරන එක පුදුමයක් නෙමෙයි.
Reply : 97 97
Lion Wednesday, 14 August 2019 04:50 PM
චම්පා ඔයා Fonseka මහත්තයාගේ මුලුකතවම ඇහුවද ? පත්තර කරය දාපු පොඩි කෑල්ල කියවල ඔයා නිගමනයකට බැහැල අර මනුස්සයට අවලාද කරනවා . කරුණාකරලා mule කතාවම Alanna
Reply : 0 0
biya Wednesday, 14 August 2019 08:44 AM
කතාවක කැල්ලක් දාල වැඩකාරයෙක් බොරු කාරයෙක් කරන්න එපා.
Reply : 0 0
chris Wednesday, 14 August 2019 05:45 PM
ෆොන්සේකාට ජම්පරය මතක් වෙලාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

