කොක්කෙන් හරි කෙක්කෙන් හරි අපි සජිත්ව ජනපතිවරණයට ගේනවා - දිලිප්
කොක්කෙන් හරි කෙක්කෙන් හරි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ගාමීය ආර්ථික රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ අද (13) ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යය අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකකම සජිත් ප්‍රේමදාස මහතාට ලබාදේවි කියලා. ටික දෙනෙක් අකැමැති වුණත් එතුමා ඒකට කැමතියි. මේක කෙරෙන්නේ පාර්ලිමේන්තු බහුතරයකගේ කැමැත්තට. එහෙම කරන්න කියලා අපි ඉල්ලීමකුත් කරලා තියෙනවා.
අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලැබෙනවා. ඒක කාටවත් වළක්වන්න බැහැ. මේ නායකයා තමයි දිනන්න පුළුවන් අපේක්ෂකයා. අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයාට අපේක්ෂකත්වය ලැබෙනවා. එහෙම නැති වුණොත් කොක්කෙන් හරි කෙක්කෙන් හරි, කෙක්කෙන් හරිකොක්කෙන් හරි අපි අපේක්ෂකත්වය ලබා ගන්නවා. පක්ෂයෙන් හරි පක්ෂයකින් හරි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා.”

popular news
-
Sunil Kaldera Tuesday, 13 August 2019 07:00 PM
කොක්කෙන් හරි කෙක්කෙන් හරි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ගෙන්න එත් දිනන්නේ ජනතාව චන්දය දුන්නොත් විතරඊ. එක තෙරුන්ගත්තොත් හොදඊ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

