යාපනය නාවන්තුරෙයි ආසාත් මාර්ගය පහේ මන්සන්ධිය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූගත බංකරයක් බවට සැකකළ හැකි ස්ථානයක් අද (28) සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ඉස්ලාම් භක්තික කාන්තාවන් විසින් භාවිතා කරන ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන බුර්කා ඇඳුම භාවිතා කිරීම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට පළ වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.
Read Moreපොලීසිය සහ ශ්‍රි ලංකා නාවික හමුදාව ඒකාබද්ධව ගාල්ල දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ කල වැටලීමකදී මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සංයුක්ත තැටි (සී.ඩී) 797ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපසුගිය දින ෂැන්ග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් එල්ල කළ බෝම්බකරුගේ වැඩිමහල් සොහොයුරා වන මොහොමඩ් ඉබ්‍රාහ්මින් ඉෆ්තිකාර් නැමැත්තා අද (28) දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅද දින තෝලංගමුව ප්‍රදේශයේ කඩයක් පිටුපස තිබි බෝම්බයක් , පිස්තෝල 2ක් , ජීව උණ්ඩ කිහිපයක් ඩේඩනේටර් කිහිපයක් සොයා ගැනිමට සමත් වි ඇත.
Read Moreහෙට (29) වන සදුදා දින පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ට ගනිමින් කල් දැමීමට තීරණය කළ ඇත.
Read Moreඉස්ලාම් අන්තවාදී අදහස් සමාජ ගත කිරීමට කටයුතු කරනු ලබන බවට චෝදනා එල්ල වී ඇති අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් කිසිවක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වීමක් හෝ නියාමනය වීමක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.
Read Moreකල්මුණේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි මරාගෙන මැරෙන බෝම්බ ඇතුළු උපකරණ තොගයක් හමු වු අතර එහිදි දිවිගලවා ගත් කාන්තාව සහ දරුවා ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයේ නායකයා සහ මෙරට අයි.එස් අනුගාමිකයින්ගේ ප්‍රධානියාගේ බිරිඳ සහ දරුවාද යැයි සැක මතු කෙරේ.
Read Moreදෙමටගොඩ මහවිල් උද්‍යාන පාරේ පිපිරීම සිදුවූ නිවසේ තිබී රුපියල් කෝටි 03ක් පමණ වටිනා නිල් මැණික් 03ක් සොයා ගෙන තිබේ.
Read Moreමුස්ලිම්වරුන් වසර 1000කට අධික කාලයක් රටේ සංස්කෘතියට, ආර්ථිකයට, සංවර්ධනයට දායක වූ බව ඇමති මංගල සමරවීර කියයි.
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ , ශ්‍රි ලංකාවට නැගෙනහිරින් පවතින සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළදි චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreරටේ පවතින තත්ත්වයන් පාලනය කිරිමට විදේශිය ඔත්තු සේවා වලට ඉඩ නොතබන ලෙස පා.ම විමල් වීරවංශ මහතා ජනාධිපතිතුමාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
Read Moreපාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවරුවේ එක් විය.
Read Moreරට තුළ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් උතුරු පළාතේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතරම සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 20කට අධික පිරිසක් ගෙවී ගිය දින දෙකක කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති බවට උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
Read Moreයාපනය වඩමාරච්චි නැගෙනහිර අම්පන් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ මෝටාර් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් බැරලයක් ඊයේ (27) සවස ගොඩගත් බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.
Read Moreසමන්තුරේ, චවලකඩේ, කල්මුනේ පොලිස් වසම්වලට පණවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (28) උදෑසන 10.00ට ඉවත් කෙරිණි.
Read Moreව්‍යාජ ලිපිලේඛන සකස් කළ පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනිවේදනයක් නිකුත් කරමින් අසත්‍ය ප්‍රකාශ හෝ කටකතා පතුරවන කුමන ආකාරයේ මාධ්‍යක් භාවිතා කරන පුද්ගලයින් කණ්ඩායම් හෝ සංවිධානවලට එරෙහිව හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක අංශ නොමග යවන සුළු ප්‍රකාශ නිකුත් කරන්නන්ට එරෙහිවත් හදිසි නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක වන බැවින් සියලුම දෙනා එසේ කිරීමෙන් වැළකී සිටින ලෙසට ඔහු වැඩිදුරටත් දන්වා සිටියි.
Read Moreමොහමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන සැකකරුවන් දෙදෙනා මෙසේ අත්ඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.
Read Moreදවුලගහ වහුංකොහ පෙලීසියට ලද තොරතුරක් මත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදි බොම්බ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර එම කාර්යාලය භාරව සිටි පුද්ගලයාද පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන ඇත.
Read MoreISIS ට සහාය දක්වා වසර කිහිපයක් සිරභාරයේ සිටි ඉස්ලාමීය දේශකයෙකු ඉදිරියට පැමිණියේ වෙළෙඳ දැන්වීම් වැඩිකර ගැනීමට බව කියයි.
Read Moreවව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අණාවරණය කර ගෙන තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව ජාතික තව්හීත් ජමාද් (NTJ) හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන තහනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreරොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රතික්ෂේප කර ඇති බවයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූවන් රජයේ ඇමැතිවරුන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට වන චෝදනාව මුදල් අමාත්‍යවරයාට යොමුවිය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම, අපරාධ පරීක්ෂණ පැවැත්වීම සහ අධිකරණ විශ්ලේෂණ කටයුතුවලට සහාය දක්වන බව ඇමෙරිකාව කියයි.
Read Moreමස්කෙළිය, ජුම්මා පල්ලිය තුළ තිබී සැකකටයුතු කුඩා පිහි 50 ක් හා අත් පොරවා දෙකක් සමග එක් සැකකරුවෙක් අද (27) දා දහවල් මස්කෙළිය පොලීසිය මගින් කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreඉන්දියාව මෙසේ පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිටින ඉන්දියානුවන්ට සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කරමිනි.
Read Moreඅද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
Read More