රණවිරුවන්ගේ ඉල්ලීම් රජය ඉටු කළ යුතුයි - වන්නිල ඇත්තෝ
ආබාධිත රණවිරුවන් තමන්ගේ අත් පා ශරිරයේ කොටස් රට වෙනුවෙන් පූජා කළේ තමන්ගේ දරුවන්ට නොවන බවත් තමන්ගේ දරුවන් වෙනුවෙන් සෙබලෙකු ලෙස බැදුණානම් යුද්ධය වේලාවේදි සැඟවෙන්නට තිබු නමුත් තමන් මියදුණාට කමක් නැ ඒ රට ජාතිය වෙනුවෙන් සටනට ගිය රණවිරුවන් වෙනුවෙන් මේ රටේ පාලකයෝ කියනා කණ්ඩායම ඇහුම්කම් දි ඉල්ලන ඉල්ලිම් ලබා දිය යුතු බව ශ්‍රී ලංකාවේ ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.
වන්නිල ඇත්තන් මේ බව පැවුසුයේ ඒකිය මාතෘ භුමිය වෙනුවෙන් මානුෂික මෙහෙයුමේ නිරත වු යුද සෙබලුන් ඒක් කර ගෙන රටට එරෙහි චෝදනාවන් නිවරැදි කර හමුදා සෙබලුන් ගේ සාධාරණය වෙනුවෙන් ලෝකය පුරා හඬක් නගන ගෝලීය ශ්‍රී ලාංකික සංසඳයේ නියෝජිතයින් පිරිසක් රට තුළ උද්ගත වි ඇති වත්මන් තත්ත්වය පිළිබදව අද (25) වන්නිල ඇත්තන් සමග පැවැත්වු සාකච්ජාවේදීය.
එහිදි වන්නිල ඇත්තන් ගෝලීය ශ්‍රී ලාංකික සංසඳයේ නියෝජිතයින් හමුවේ මෙසේ අදහස් දැක්විය,
“ආබාධිත රණවිරුවන් හිතුවක්කාර කමට සටනට ගිහින් අත් පා නැති කර ගත්තෙ නැ. ඇස් නොපෙනෙන තත්ත්වයට පත් කර ගත්තේ නෑ. ඒ අය සියලු දේවල් නැති කර ගත්තෙ මේ රට වෙනුවෙන්. ඇත්තන්ට මතක තියෙනවා බදුල්ලේ කොළඹ තවත් තැන් තැන් වල හමුදාවේ හිටපු දරුවන් මිය ගියහම ඒ අය වෙනුවෙන් ඉදි කරල තියෙන ස්මාරක. ඒ තැන් වලට ගියාම අපේ රණවිරුවන්ගේ ලැයිස්තු තියෙනවා මේ වගේ කණ්ඩායම් මිය ගියේ මේ අපේ රට ජාතිය ආගම වෙනුවෙන් . ඒ අය මහන්සි වෙලා අත් පා පූඡා කරල ඇස් පූඡා කරල ශරිරයේ කොටස් පූඡා කරල මහන්සි උනේ ඒ අයගේ දරුවන් වෙනුවෙන් නෙමේ. දරුවන් වෙනුවෙන් ගියානම් ඒ අයට යුද්ධය නොකර හැන්ගෙන්න තිබ්බා. නමුත් ඒ අය අපි මියගියත් කමක් නැ කියන තැනකට ගියේ රට ජාතිය ආගම වෙනුවෙන් .
ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ මේ රටේ පාලකයො කියන කොටස මේ රණවිරුවන් ගැන හිතන්න ඕන. මේ රටේ කොච්චර නායකයන් මැරුණද චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ ඇහැක් නැති උනා, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙ මිය ගියා. ගාමිනි දිසානායක , ප්‍රේමදාස ජනාධිපතිතුමා මිය ගියා. මේ වගේ මිය ගියේ ශරිරයේ කොටස් නැති උනේ රටේ වටිනා නායකයින්ගෙ. මේ රණ විරුවන් තමන්ගෙ අත් පා ශරිරයේ කොටස් රට වෙනුවෙන් පූඡා නොකර සටනින් මග ඇරියනම් අද රටත් නැ ඔය කතා කරන නායකයොත් නැ. ඉතින් මම කතා කරන්නෙ මේ රට ජාතිය ආගම ගැන හිතලා මේ හමුදා සෙබලුන්ගෙ ඉල්ලිම වලට ඇහුම්කන්දෙන්න. ඒව ලබාදෙන්න අමුත් දේවල දෙන්න බැරිනම් ඒ ලබාපු දේවත් ඉල්ලනවනම් ඒක ලබාදිම සාධාරණයක් බව තමන් කියන බවද” වන්නිල ඇත්තන් මෙහිදි පැවසීය.
චමිල් රූපසිංහ

popular news
-
Champa Wednesday, 25 September 2019 04:23 PM
මේක කරන්න තිබුනේ දැන් නෙමෙයි, සිරිසේන ජනාධිපති ඇමති කෙනෙකුත් වෙච්ච ගෝඨාභය ආරක්ෂක ලේකමුත් වෙච්ච පහුගිය ආණ්ඩුව කාලේ. මෙච්චර කල් නොකළේ මොකොද කියන එක අහන්න ඕනේ සියලු දේශපාලකයන්ගෙන්. හැමදාම කලේ සහ කරන්නේ රණවිරුවෝ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගන්න එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

