යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි
හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා නැවතත් නාවික හමුදාවට අනියුක්ත කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ලුතිනන් තනතුරට ඔහු නැවතත් අනියුක්ත කරනු ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශයකට ඊයේ (24දා) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අත්සන් කිරීමත් සමගින් යෝෂිත නැවතත් නාවික හමුදාවට අනියුක්ත කර තිබේ.
2016 වසරේ පෙබරවාරි මස 28 දා සිට බලපැවැත්වෙන පරිදි ඔහු මෙසේ යළි නාවික හමුදාවට අනියුක්ත කර තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නාවික හමුදාවට කළ දැනුම් දීමක් අනුව 2016 වසරේ පෙබරවාරි මස 28 දා යෝෂිත නාවික හමුදාවෙන් ඉවත් කරනු ලැබීය.
CSN නාළිකාව සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර ඒ අනුව ඔහුගේ නාවික හමුදා සේවය අත්හිටුවීමට කටයුතු කළේය.

popular news
-
Champa Wednesday, 25 September 2019 04:09 PM
දැන් ජනාධිපති මේක කරන්න මෙච්චාර කල් හිටියේ මොකොද? චන්දෙ එනකම් ඉන්න ඇති නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

