මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා අවසන්
පොහොර හිඟයක් පවතින බවට ගෙනයන තොරතුරු අසත්‍ය බවත් මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය
හුණුපිටිය රජයේ පොහොර ගබඩාවන් වන ලක් පොහොර හා කොමර්ෂල් පොහොර ගබඩා වෙත ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර සමඟම අතුරු බෝග සඳහා ද අවශ්‍ය ප්‍රමාණයට පොහොර ගෙන්වා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව 2019 මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 148, 162ක්, ත්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 36, 530.54ක්, මියුරෙට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 44, 833.5ක් ද රජයේ සමාගම් මඟින් ආනයනය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
2019 මහ කන්නයේ වී සඳහා භූමි ප්‍රමාණය අක්කර 1,968,147.72ක් වගා කරනු ඇතැයි අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. මේ වන විට පෞද්ගලික සමාගම් 13ක් සඳහා පොහොර ගෙන්වීමට හා බෙදාහැරීමට අනුමැතිය ලබා තිබෙන බව අමාත්‍යවරයා පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
