එදා මහින්ද ජනාධිපති වුණේ නැත්නම් අද තියෙන්නේ දෙපලු වු රටක් - විමල්
එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් දිනුවේ නැත්නම් අද තියෙන්නෙ දෙපලු වෙච්ච රටවල් කෑලි දෙකක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා එසේ පවසා සිටියේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව අසල පැවති ජනරැළියට සහභාගි වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා ,
“අද තියෙන්නෙ ජාත්‍යන්තර පිශාචයන්ට දඩ බිමක් . එදා ඒ ඉරණමට මේ රට ඇඳ වැටෙන එක වලක්වන්න පුළුවන් කම ලැබුණෙ , ඒ මහා ජනවරම නිර්මාණය කරන්න මේ පොළොවේ ජීවත් වෙච්ච මේ මිනිස්සු වාසනාවන්ත වෙච්ච මගෙ අම්මේ ,තාත්තේ , සහෝදරය සහෝදරිය, අද තමුන්නාන්සේලා මේ රට වෙනුවෙන් ඵෙතිහාසික තීරණයක් ගතයුතු දිනයක් නොවැම්බර් 16වනදා.
2005 ජනාධිපතිවරණය වගේම ලක්මාතාව වෙනුවෙන් තීරණය ගත යුතු දිනයයක්. එදා මේ සටන තියෙන්නෙ ප්‍රධාන කඳවුරැ දෙකක්. එක කඳවුරක් තමයි මේ රට බේරගත්තු කඳවුර , මේ රටේ ඒකීය භාවයට පණ දුන්න කඳවුර, ත්‍රස්තවාදය ඉදිරියේ දණ නොගහපු කඳවුර , ජාතියේ ආර්ථිකයට පණ දුන්න කඳවුර ,මුළු රටම හැඩ ගැන්වූ කඳවුර ,ඒ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් නායකත්වය දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත්වන අපේ කඳවුර .
රට රකින කඳවුර . රට රැක්ක කඳවුර ,රට හදන කඳවුර , ඒ තමයි අපේ කඳවුර .
අනෙක් කඳවුර මොකද්ද ? අනෙක් කඳවුර තමයි පුතාණෝගේ කඳවුර . සහරාන්ලා හුරතල් කරපු කඳවුර, .අන්ත වාදයට පණ දිපු කඳවුර , සාමයෙන් බැබලිච්ච රට වනසා දමපු කඳවුර ,මරණබිය නැවත උරුම කරන ලද කඳවුර .
ඔය පුතාණෝලා වචනයක් සහරාන්ලාට විරුද්ධව ,අන්තවාදයට විරුද්ධව වචනයක් එළියට දාල නැහැ. අන්ත වාදීන්ගේ දේශපාලන තාත්තල ,බාප්පල ඔක්කොම ටික ඉන්නෙ පුතාණෝගෙ දෙපැත්තෙ. ඒ හින්ද මගෙ අම්මේ, තාත්තේ නැවත මේ රට ජාතික ආරක්ෂාව ඉල්ලනව. නැවත මේ රට සාමය ඉල්ලනව. නැවත මේ රට සමෘද්ධිය ඉල්ලනව. නැවත මේ රට සංවර්ධනය ඉල්ලනව.
අපේ තරුණ දරු පරම්පරාව පත්කර දෙන්න . කියන ඉල්ලීම කරනව. නූතන රාජ්‍යයේ හැටියට දේශපාලන සංස්කෘතියේ බරපතළ වෙනසක් මේ රටේ ජනතාව ඉල්ලනව. ඒ වෙනස දෙන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 16වනදා තමුන්නාන්සේලාගේ ඡන්දයෙන් මේ රටේ ජනාධිපති බවට පත්වෙන්නේ .
සිංගප්පූරුවේ හිටියෙ ලික්වාන් යුං විතරයි . මැලේසියාවට හිටියේ මහතීර් මොහොමඩ් විතරයි . 16 වනදාට තමුන්නාන්සේලා ලාංකීය ලික්වාන් යුං ,ලාංකීය මහතීර් මොහොමඩ් දෙන්නටම මේ රට භාර දෙනවා. ලාංකීය ලික්වාන් යුං තමයි ගෝඨාභය රාජපක්ෂ ,ලාංකීය මහතීර් මොහොමඩ් තමයි මහින්ද රාජපක්ෂ .ගෝඨාභය ,මහින්ද සුසංයෝගයෙන් නවමු මාවතකට මේ රට හරවන දවස තමයි එළඹෙන නොවැම්බර් 16වනදා .
අන්න ඒ යුතුකම වෙනුවෙන් පෙළ ගැසෙමු. ඒ මහා ජයග්‍රහණයේ ධජය අතට ගනිමු. ඒ සටනට පණ දෙමු. ඒ සදහා තමුන්නාන්සේලාට ශක්තිය ලැබේවා . ධෛර්යය ලැබේවා යෝධබල යෝධ වීර්යය ලැබේවායි” ඔහු පැවසීය.
වලස්මුල්ල - තිලක් මනම්පේරි

popular news
-
Champa Tuesday, 22 October 2019 05:27 AM
හොඳයි හොඳයි මහින්ද ගැන ප්‍රශ්නයක් නැහැ මහින්ද ඇමරිකන් කාරයට රට පාවා දෙන්නේ නැහැ. හැබැයි විමල් ඔබේ අපේක්ෂකයා එහෙම නොකරයි කියල කිසි විශ්වාසයක් නැහැ. අද වෙනතුරු ගෝඨාභය කියල නැහැ ඇමරිකන් ගිවිසුම් දිහා බලන්නෙවත් නැතුව පැත්තකට දානව කියල. අර පුවත්පත් සකච්චවෙදිත් කිව්වේ they will have to negotiate with me කියල. මොනවා negotiate කරන්නද? ඒ කියන්නේ අත්සන් කරනවා කියන එක. ගෝඨාභය අද වෙනතුරු මුස්ලිම්/අන්තවාදයට එරෙහිව කතා කරලත් නැහැ. අභියෝග කරනව විමල්ට පුළුවන් නම් ගෝඨාභයට කියන්න කියන්න ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ, ETCA අත්සන් කරන්නේ නැහැ සහ වහබ් අන්තවාදයට එරෙහිව වැඩ කරනවා කියල කෙලින් කියන්න කියලා. පහුගිය අවුරුදු 5 පුරා මේ රටේ මිනිස්සු ඒවාට විරුද්ධව කැහගහල තමයි ඒවා නතර කරගත්තේ. මෙහෙම කියන්න කියලා ඉල්ලන්න වෙලා තියෙන්නේ අවුරුද 5ක් ජනතා සටනේ පැත්ත පළාතක නොහිටපු මිනිහෙක්ව ජනාධිපති අපේක්ෂක කරපු නිසා අපිට අයිතියක් තියෙනව දැන ගැනගන්න. මොකොද යහපාලනයට විරුද්ධව කරපු සටනේ අමාරුව දන්නේ එහෙම සටන් කරපු මිනිස්සු විතරයි. අනික ඉඟුරු දීල මිරිස් ගත්ත ඉතිහාසයක් අපිට තියෙනව.
Reply : 0 0
rocky Tuesday, 22 October 2019 06:55 AM
එදා මහින්ද ජනාධිපති නොවුනා නම් ඔබ අද කොහෙද? මෙලහකට පෙරහැරක බෙර ගහ ගහ ඉන්න තිබුන. දැන් යාන්තමට මහින්දගේ පෙරහරේ හොරනාව පිඹිනවා!!
Reply : 0 11
Deepal Nirosh Tuesday, 22 October 2019 03:04 PM
හැබැයි මහත්තයෝ ඒදා කොටි සංවිධානය උතුරේ ජනතාව අතර ඡන්ද වර්ජනය දියත් කළේ නැත්නම් මහින්ද ජනපති වෙන්නෙත් නැහැ.
Reply : 0 7
Nandana Tuesday, 22 October 2019 09:55 PM
You just a parrot,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

