නව මත්පැන් හල් බලපත්‍ර නෑ - පාසල් අසළ ඇති මත්පැන් හල් වසනවා
තමා බලයට පත්වූ විට නව මත්පැන් හල් වෙනුවෙන් බලපත්‍ර ලබා නොදෙන බවත් පාසල් ආසන්නයේ ඇති මත්පැන් හල් වසා තබන බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද (21දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයෙ පැවැති කාන්තා ප්රඥප්තිය එළිදැක්වීමේ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
“මෙරට කාන්තා අයිතීන් සුරැකීම වෙනුවෙන් ජනාධිපතිධූර අපේක්ෂකයෙකු සහ කාන්තා පරපුර අතර සමාජ ගිවිසුමකට අත්සන් තබන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. විවිධ හේතූන් මත කාන්තාවන්ට සිදුවන අසාධාරණය හිංසණය නැති කර මෙරට කාන්තාවන් ශක්තිමත් කිරීම සදහා අද දින එළිදක්වන මෙම ප්රඥප්තිය තමන් බලයට පැමිණ මාස 3 ක් ඇතුළත පාර්ලිමේන්තු අනපනත් යටතේ නීතිගත කර ක්‍රියාත්මක කරනවා. මෙම ප්‍රඥපතිය මගින්
සමාජ ආර්ථික කටයුතු වලදී කාන්තාවන්ට ඉහළ දායකත්වයක් ලබා දෙනවා. කාන්තාවන්ට උසස් අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු සියලු පහසුකම් ලබා දෙනවා. කිසිවෙකුගේ බලපෑම්වලින්, බාධාවකින් තොරව සංස්කෘතික ආගමික කටයුතු වල නිරත වීමට කාන්තාවන්ට අවස්ථාව දෙනවා. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 25% හි ඉලක්කය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
කාන්තා අයිතීන් ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් ආරම්භ කරනවා. කාන්තාවන්ට ස්වයං රැකියා ශක්තිය ලබා දීම සඳහා ස්වයං රැකියා ආධාර ලබා දෙනවා. රැකියා වල නිරත කාන්තාවන්ගේ දරු දැරියන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපනය කරනාව. වැටුප් සහිත මාතෘ නිවාඩු පුළුල් කරනවා. මාතෘත්වය හේතුවෙන් රැකියා අහිමි කාන්තාවන්ට නව නීති ක්‍රියාත්මක කර නැවත එම රැකියා ලබා දීමට කටයුතු කරනවා. කාන්තාවන් සහ දරු දැරියන් වෙනුවෙන් සුවිශේෂි අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
ක්ෂද්ර මූල්‍ය ආයතන වලින් අධික පොලියට ණය ලබාගෙන විපතට පත්ව සිටින කාන්තාවන්ට සහනය ලබා දෙමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්පූර්ණයෙන්ම කපා හැරීමට කටයුතු කරනවා. නව ව්‍යාපාර නව ව්‍යවසාය ආරම්භ කිරීම සඳහා සහන පොලියට ණය ලබා දීමේ අරමුණින් ජාතික කාන්තා බැංකුවක් ස්ථාපනය කිරීම.
අත්සන් තබන ප්රඥප්තිය ක්‍රියාවට නැංවීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා සෑම ප්‍රදේශීය ලේකම් කාර්යාලයකම ඒ සදහා විශේෂිත ඒකකයක් ස්ථාපනය කරනවා.
අලුතින් මත්පැන් අලෙවිසැල් බලපත්‍ර ලබා දීම තහනම් කරනවා. පාසල් ආසන්නයේ ආරම්භ කර ඇති මත්පැන් අලෙවිසැල් වසා දමනවා. කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කරන කප්පිත්තන්ට උපරිම දඬුවම් දෙනවා. කාන්තා හිංසණයට නීතිය මගින් ලබා දෙන දඬුවම් දැඩි කිරීම සහ නව නීති ගෙන ඒමට කටයුතු කරනවා.”

popular news
-
අබිලින් Monday, 21 October 2019 06:35 PM
1977 එක්සත් ජාතික පක්ෂය බලයට පත්ව ටික කලක් යනතුරුම රජයේ නිළධාරීන්ට මෙන්ම සේවකයින්ට විවාහක දමනාව කියා දීමනාවක් දුන්නා ලිපිකරු වැටුප මසකට රුපියල් දෙසිය පනහක්ව තිබුනු එම කාලයේ විවාහක දීමනාව රජයේ රැකියාවක් නොකරන කලත්‍රයෙක් සිටින අයෙකුට රුපියල් සියයක් ලෙසත් රජයේ රැකියාවක් කරන කලත්‍රයෙක් සිටීනම් දදෛනාට රුපියල් සියය ලැබෙන ලෙසත් ගෙව්වා. මෙනිසා රජයේ රැකියාවක් නොකරන පවුල්වල රජයේ රැකියාවක් නොකරන කෙනා බොහෝවිට ස්වයං රැකියාවක් හෝ පුද්ගලික අංශයේ රැකියාවක් කල අතර දරුවන්ට අවශ්‍ය පෝෂණය හා රැකවරණය දීමටත් සමත්වුනා.මෙනිසා දරුවන්ද සාර්ථකත්වයක් ලැබූ බවක්ද පෙනෙන්න තිබුනා.මෙම තත්වය රැකියා දියව් දියව් කීමටද විසඳුමක් විය හැකිය
Reply : 0 0
හෙම්බාතන්තිරිගේ රංජිත් Thursday, 24 October 2019 10:54 PM
විවාහයෙන් පෙර හෝ පසුව කාන්තාවන්ට ස්වයංරැකියා වක් කිරීම ඉතාමත් සුදුසුයි.මොකද එවිට කාන්තාවන්ට දරුවන් වෙනුවෙන් කලයුතුදේ කර අවශ්‍ය කාලයේ මෙවැනි ස්වයංරැකියා වක් කිරීම ඉතාමත් සුදුසුය.විවාහයට පෙර පුහුණුවක් ලබා තිබෙනවා නම් හොදයි. මොකද ඒකාලයේදී තමන්ට අවශ්‍ය සුදුසුකම් අනුව රැකියාවක් කිරීමෙන් තමන්ගේ ඉදිරි අනාගතය ශක්තිමත් කර ගන්නත් ඉදිරියේ දී කලයුතුදේ ශක්තිමත් කරගන්නත් පුලවන්
Reply : 0 0
හෙම්බාතන්තිරිගේ රංජිත් Thursday, 24 October 2019 10:54 PM
විවාහයෙන් පෙර හෝ පසුව කාන්තාවන්ට ස්වයංරැකියා වක් කිරීම ඉතාමත් සුදුසුයි.මොකද එවිට කාන්තාවන්ට දරුවන් වෙනුවෙන් කලයුතුදේ කර අවශ්‍ය කාලයේ මෙවැනි ස්වයංරැකියා වක් කිරීම ඉතාමත් සුදුසුය.විවාහයට පෙර පුහුණුවක් ලබා තිබෙනවා නම් හොදයි. මොකද ඒකාලයේදී තමන්ට අවශ්‍ය සුදුසුකම් අනුව රැකියාවක් කිරීමෙන් තමන්ගේ ඉදිරි අනාගතය ශක්තිමත් කර ගන්නත් ඉදිරියේ දී කලයුතුදේ ශක්තිමත් කරගන්නත් පුලවන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

