2019 ජනවාරි 12 වැනි දින 'දි අයිලන්ඩ්' පුවත්පත මගින්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසින් සිදු කරන්නට යෙදුණු පහත ප්‍රකාශය උපුටා දක්වා ඇත:
“පසුගිය වසර හතර තුළ, එජාපය ප්රමුඛ රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය, 1948 පෙබරවාරියේදී අප නිදහස ලැබීමෙන් පසුව 2014 දෙසැම්බරය දක්වා ගත වූ දශක හය තුළ වන සමස්ත ජාතික ණය හිඟයෙන් 50%කට සමානයි.”
මීට අදාළ දත්ත පදනම් කොටගෙන කළ විශ්ලේෂණයක් ඇසුරෙන් පෙනී යන්නේ, මහින්ද රාජපක්ෂ කළ මෙම ප්‍රකාශය නිවැරදි නොවන බවයි.
වගු අංක 01හි ශ්‍රී ලංකා රුපියල් හා ඇමෙරිකානු ඩොලර්වලින් පෙන්වා දෙන්නේ, 2014 අවසානය (මහින්ද රාජපක්ෂගේ ජනපති ධුරයේ අවසානය) වනවිට තිබූ සමස්ත විදේශීය සහ දේශීය ණය ප්‍රමාණය සහ 2018 සැප්තැම්බරය වනවිට (මහින්ද රාජපක්ෂගේ ඉහත ප්‍රකාශයට පසු දත්ත ලබාගැනීමට තිබූ ආසන්නතම මාසය) තිබූ සමස්ත විදේශීය සහ දේශීය ණය ප්‍රමාණයයි.
අපගේ ගණනය කිරීම්වලින් පෙනී යන්නේ 2014 දෙසැම්බරය වනවිට තිබූ සමස්ත ජාතික ණය ප්‍රමාණයෙන්, වත්මන් රජය යටතේ ලබාගෙන තිබූ සමස්ත ණය ප්‍රමාණයේ වැඩිවීම 35.9%ක් පමණක් වන බවයි. එනම්, මහින්ද රාජපක්ෂ විසින් සඳහන් කොට තිබූ ආකාරයට එය 50%ක් නොවේ.
එනිසා, අපි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය සාවද්‍ය යැයි නිගමනය කරමු.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහා බැංකුවෙහි වාර්ෂික වාර්තා හා දත්ත වගු
2018 සැප්තැම්බර් මස විනිමය අනුපාතිකය ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 169.39 විය. මෙම අගයන් වාර්තා කිරීමේදී අදාළ ගණනය කිරීම් ළඟම මිලියනයට හා බිලියනයට රවුම් කර ඇති අතර, එසේ රවුම් නොකර ගණනය කළ අගයන් හා සැසඳීමේදී සුළු සුළු වෙනස්කම් තිබිය හැක.
මේ, 2019 මාර්තු 13 වෙනි දින www.factcheck.lk ඔස්සේ ප්‍රකාශයට පත් වූ කරුණු විමසීමකින් කළ උපුටා ගැනීමකි.
FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සූදානම්.
