ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තියවේදින්ගේ ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් පත්කරන ලද කමිටුවේ වාර්තාව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හා අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතා වෙත භාර දී තිබේ.
අමාත්‍යවරයා විසින් පසුගිය අගෝස්තු මාසයේදී මෙම කමිටුව පිහිටුවනු ලැබුවේ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීමය භාවය ඉහළ නැංවීම සහ ඒ සම්බන්ධයෙන් වන ආයතනයක් පිහිටුවීම සඳහා නිර්දේශ ලබා ගැනීම වෙනුවෙනි.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව, කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදිත ගයාෂාන්, ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්යක්ෂ කැලුම් පාලිත මහීරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩලයේ බාහිර කථිකාචාර්ය සුරංග සේනාරත්න හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නරේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු මෙම කමිටුවට අයත්විය.
මෙම ආයතනය හරහා නූතන ජනමාධ්‍යයේ කාර්ය භාරය, ජනාමාධ්‍ය පිළිබඳ පොදු සමාජ ආකල්ප හා මැදිහත්වීම්, මාධ්‍ය අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති ඉඩ ප්රස්ථා හා එම කාර්යයෙනි ගුණාත්මක භාවය, මාධ්‍යවේදීන් සඳහා වෘත්තීමය වශයෙන් පවතින ඉඩ ප්‍රස්තා, අන්තර් මාධ්‍ය ක්‍රියාකාරකම් වැනි ඉහළ වෘත්තීමය භාවයකින් යුත් මාධ්‍ය වේදියෙකු බිහි කිරීමට අවශ්‍ය කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත.
එසේම මාධ්‍ය අධ්‍යාපනය ශාස්ත්‍රානුකූල, ප්‍රමිතිගත, යාවත්කාලීන හා න්‍යායාත්මක හා ප්‍රායෝගික ජාතික ප්‍රතිපත්තියක් අනුව ක්රියාතවට නැංවිම, ක්ෂේත්රගත ජනමාධ්‍යවේදීන්ගේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, මෙන්ම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියට අනුකුලවන අගයීම් ක්‍රියාවලියක් හඳුන්වාදීම මගින් මාධ්‍යවේදීන් සඳහා වරලත් සුදුසුකම් ප්රදානය කිරීමට මෙම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික අංශවල මාධ්‍ය අධ්‍යාපන ආයතන හා පාඨමාලා ප්රමිතිකරණය, ලියාපදිංචි කිරීම හා ඒවායේ ගුණාත්මක බව වර්ධනය කිරීම, දේශීය වශයෙන් ජනමාධ්‍ය පර්යේෂණ ක්ෂේත්රය සක්‍රීය තත්ත්වයට පත්කොට ඒ ඔස්සේ නව දැනුම් අවස්ථා උත්පාදනය කිරීම යන ක්‍රියාමාර්ගවලට අනුගත වෙමින් ජනමාධ්‍ය ක්ෂේත්රයේ උන්නතිය සඳහා වන නව යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීම ආදී කරුණු රැසක්ද යෝජනා කර තිබේ.
මෙම ආයතනය පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරිමට කමිටුව තීරණය කර ඇත. මේ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කර මේ වන විට ජනාධිපතිවරයාගේ අනුමැතියට ඉදිරිපත් කර ඇති අතර එම අනුමැතිය ලැබුණ විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය.
