saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9554 hours ago

LATEST

ඉන්දියාවෙන් ලොකු ලූනු ගෙන්වයි

calendar_today 2020 පෙබ 27 - 17:50 remove_red_eye - 621  

මාස ගණනකට පසු ඉන්දියාවෙන් ලංකාවට ලොකු ලූනු ගෙන්වීමට අද (27දා) අවසර ලැබෙන බවත්, මේ නිසා ලොකු ලූනු කිලෝවක මිල රුපියල් හතළිහකින් පමණ අඩුවන බවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කරති.

ශ්‍රී ලංකාවේ සිවිල් කටයුතු සඳහා ආරක්ෂක අංශ මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීම පිළිබඳව වාර්තාවන කරුණු පිළිබඳව තමන් කනගාටුවන බවත් ඇය සඳහන් කළාය.

Read More

වත්මන් රජය විසින් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නනේ නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර උපාධි අපේක්ෂක ස්වාමීන් වහනසේ නමක්ද සිටිති.

Read More

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනා යටතේ හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා එළැඹෙන12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද (27දා) නියෝග කළේය.

Read More

කෝවිඩ් 19 වෛරසය චීනය තුළ අප්‍රේල් මාසය අවසන් වන විට පූර්ණ ලෙසම පාලනය කළ හැකි වෙනු ඇති බව චීනයේ සුප්‍රසිද්ධ ශ්වසන විශේඥයෙක් වන ෂෝන් නන්ශාන් පැවැසීය අද (27දා) චීනයේ ගුවැන්ෂු හි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.

Read More

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26දා) ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයේදී ප්‍රවේශපත්‍ර කවුළු අසළදී සිදුවූ පහරදීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රිකට් ආයතනය උපදෙස් දී තිබේ.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරගයේදී පොලීසිය හා ආරක්ෂක අංශ විසින් ප්‍රේක්ෂකයින්ට පහරදීම පිළිකුළින් යුතුව හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජපානයේ සිට ඉන්දියාවට ගුවන් මගින් රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ඇතුළු ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කා්ය මණ්ඩලය ඉන්දියාවේ හර්යානාහිදී යුද හමුදා පහසුකම් යටතේ නිරෝධානයට යොමුකරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

Read More

නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ මාස හයක කුඩා දරුවකු නිවසේ මේසයක් මතින් පහතට වැටීමේන් බරපතල ලෙස අසාධ්‍යව නවගත්තේගම රෝහලට ඊයේ (26දා) සවස ඇතුළත් කිරීමේන් පසු මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.

Read More

සුදුසුකම්ලත් ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා වෘත්තියෙහි රැකියා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය පුසුගියදා (24දා) ඊශ්‍රායලයේ ජෙරුසලම්හි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනවය වූවන් සිටි ජපානයේ යොකොහෝමාව වරායට ආසන්නයේදී නිරෝධානයට ලක්කර තිබූ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදොන ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගුවන් මගින් ගෙන්වා ගෙන තිබේ.

Read More

මෙරට පාසල් පද්ධතිය තුළ මේ වනවිට ජාතික පාසල් 373ක් පවතින අතර, එයින් පාසල් 278ක නියමිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් මෙතෙක් පත්කර නොතිබිණි.

Read More

වෘත්තීය පුහුණු අධිකාරියට අයත් ගම්පහ ,පහළ යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (27) පෙරවරුවේ සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය පිටුදැකීමට ඉහළම ප්‍රමුඛත්වය දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (26දා) පැවති සාකච්ඡාවේ දී එකඟත්වය පළ විය.

Read More

වයඹ, බස්නාහිර පළාත්වලටත් මන්නාරම, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් අදළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා චීනයෙන් වාර්තා වුවත් එම වෛරසයේ මූලාරම්භය චීනය නොවන බව චීනයේ ශ්වසන විශේෂඥයෙක් වෙන ෂොංන් නැන්ෂාන් සඳහන් කරයි.

Read More

නිධානයකින් ලබාගත් බව කියන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අගල් 18ක් උස බර කිලෝ ග්‍රෑම් 11.805ක් බරැති දඹ රන් හිටි පිළිම වහන්සේ නමක් හා අඟල් දෙකක් උස ග්‍රෑස් 152ක් බරැති කහ පැහැති හිදි පිළිම වහන්සේ නමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා මෙතෙක් මුදල් වෙන් වී නොමැති බවත්, මීට අමතරව ජනාධිපතිවරණයේදී සිදුකළ වියදම වෙනුවෙන්ද මුදල් ලැබිය යුතුව තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

තරගයේ කාසියේ වාසිය දිිනූ කොදෙව් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 345 ක් රැස් කළහ. එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 127 ක්ද කුසල් මෙන්ඩිස් ලකුනු 119 ක්ද රැස් කලේය. ශෙල්ඩන් කොට්‍රල් එහිදී කඩුළු 4 ක් දවා ගත්තේය

Read More

මිග්යානා ගනුදෙනු සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මාර්තු 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26දා) නියෝග කළේය.

Read More

ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

එහි එක් කොන්දේසියක් මගින් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හානි වන කිසිදු දෙයක් ලංකාව තුළ සිදුනොකළ යුතු බවට සඳහන් කර තිබෙන බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

Read More

කැළණිය විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කළ සිසුන් හඳුනාගෙන ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා අද (26දා) වනවිට ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී තිබෙන අතර, තාප විදුලි බලාගාරවලින් ලබාගත් විදුලි ප්‍රමාණය 38% දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය යටතේ සේවයේ අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරීන් 17කට ස්ථානාමරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

ඉනිම 17ක් තළ ඔහු වාර්තා කළ දෙවැනි ශතකය මෙය වෙයි.

Read More

2017 වසරේ මාර්තු මාසයෙන් පසුව එක්දින ඉනිම 49කට පසුව ශතයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්වූයේය.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.