පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුදු පිළිම 02ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ.
පිටකොටුව මධ්‍යම බස් නැවතුපොළ අසළදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. නිධානයකින් ලබාගත් බව කියන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අගල් 18ක් උස බර කිලෝ ග්‍රෑම් 11.805ක් බරැති දඹ රන් හිටි පිළිම වහන්සේ නමක් හා අඟල් දෙකක් උස ග්රෑස් 152ක් බරැති කහ පැහැති හිදි පිළිම වහන්සේ නමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 80ක් වන ඩෝසර්වීදිය, මොණරාගල ප්‍ර දේශයේ පදිංචිකරුවෙක් වෙයි. සැකකරු අද අළුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.