MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ - කෙහෙළිය
වත්මන් රජය විසින් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නනේ නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (27දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
කෙසේවුවද මෙය රාජතාන්ත්‍රික ගණුදෙනුවක් වන බැවින් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේ වරදක් නොමැති බව තම පෞද්ගලික මතය වන බවද මාධ්‍ය ප්රකාශකවයා එහිදී කීය.

popular news
-
Champa Thursday, 27 February 2020 05:26 PM
පට්ට බොරුවක්. මාසෙකට කලින් මෙයාමයි කිව්වේ අත්සන් කරනවා කියල. අර අනිත් රොටි මන්ත්‍රී කවුද නම මතක නැහැ පාවිච්චි කරන වචන දිහා බලන්න. හැම තිස්සෙම කියන්නේ "රනිල් එකඟ වෙච්ච එම්සීසී ගිවිසුම" අත්සන් කරන්නේ නැහැ කියල. ඒ කියන්නේ යූටර්න් ආණ්ඩුව එකඟ ගෙන වෙනම ගිවිසුමක් තියෙනව, අත්සන් කලොත් අත්සන් කරන්නේ ඒක කියල. මේක තනිකරම මහජනතාව නොමඟ යැවීමක්. රටේ මේ තරම් ප්‍රශ්න තියෙත්දී එම්සීසී එක ගැන බලන්න කියල කමිටුවක් දැම්මේ ඉතා ඉක්මනට ඒක අත්සන් කරන්න ජනාධිපතිට උවමනාව තියෙන හින්ද. ඊටත් කලින් මේ ගිවිසුමේ කොන්දේසියක් විදිහට රටේම ඉඩම් දත්ත එක තැනකට ගෙන්න වහල් ආණ්ඩුව නවත්තපු තැන ඉඳන් පටන් ගත්ත. රටේම මිනිස්සුන්ගේ පෞද්ගලික දත්ත එක තැනකට ගෙන්න වහල් ආණ්ඩුව නවත්තපු තැන ඉඳල පටන් ගත්ත. මේ විදිහට එම්සීසී ගිවිසුම් අත්සන් කරන්න පසුබිම හදන ගමන්, රනිල් එකඟ වෙච්ච එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියල ජනතාව රවට්ටනවා. රට පාවල දීල හරි ඇමරිකාව දෙන සල්ලි අරන් ආණ්ඩුවට සල්ලි හොයා ගන්න ඕනේ කියල හිතන ගිහි පැවිදි හොර දේශප්‍රේමියොත් කටවාන් ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
