saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 190 hours ago

LATEST

තෙත වී කිලෝවට රු. 100ක් දෙන්න

calendar_today 2026 පෙබ 24 - 07:03 remove_red_eye - 117  

​වර්තමානයේ ගොවීන් මුහුණ දී ඇති තෙත වී අලෙවි කර ගැනීමේ ගැටලුවට විසඳුමක් ලෙස, රජය මැදිහත් වී රුපියල් 100ක සහතික මිලකට එම වී මිලදී ගත යුතු බව සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවකදී ඒ මහතා අවධාරණය කළේ එවැනි වැඩපිළිවෙළක් හරහා ගොවියාට තම අස්වැන්න සඳහා සාධ

දිට්වා සුළි කුණාටුවෙන් පසු දුම්රිය සේවය යථාතත්වයට පත්කිරීමට නිසි සැලසුම් නොමැතිවීම මත මහජනතාව දැඩි පීඩාවකට පත් කිරීමට සිතාමතාම වත්මන් දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීම.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට අභිනවයෙන් එක්වූ ‘පී 628’ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව එක්සත් ජනපදයේ ‘බැල්ටිමෝර්’ සිට කොළඹ බලා පිටත් වෙයි

Read More

මාතර එලියකන්ද ප්‍රදේශයේ වලක් හාරන විට පස් කන්දක් කඩා වැටී පස් වලට යට වු පුද්ගලයෙකුගේ ජීවිතය පැය පහක් තිස්සේ සිදු කල මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව බේරා ගැනීමට ඊයේ (22) රාත්‍රි හැකි වු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

කොළඹ කොටු‌වේ සිට මඩකලපුව දක්වා ගමන් කරන නගරාන්තර රාත්‍රී සීඝ්‍රගාමි දුම්රිය අද දින සිට යළි ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Read More

2006 ජනවාරි 27 වෙනි දින විවේක වාර්තා කර පිටව ගොස් යළි සේවයට වාර්තා නොකළ වැල්ලවාය පොලීසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත.

Read More

ගිරාඳුරුකෝට්ටේ විරාණගම නවය කනුව අසල ප්‍රදේශයේදී අද 23 උදෑසන වන අලියෙකු පහරදීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත් වී ඇති බව ගිරාදුරු කෝට්ටේ පොලිසිය පැවසීය.

Read More

මෙක්සිකෝවේ වඩාත්ම අවශ්‍යව සිටි පුද්ගලයා මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වනද වන ‍ ජාලිස්කෝ නව පරම්පරාවේ (CJNG) මත්ද්‍රව්‍ය කල්ලියේ නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක සිදුකළ මෙහෙයුමක් අතරතුර මිය ගොස් ඇති බව මෙක්සිකෝවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

වතුකරයේ පෙර පාසල් පාලිකාවන් සහ එම පෙර පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ දෙමව්පියන් එක්ව (22) දින හැටන් නගරයේ උද්ගෝෂණයක් පැවැත්විණ.

Read More

මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය • ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවන ලද අනුකාරක සභා දෙකෙහි වාර්තා ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (23දා) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාරත්මනේත්ව කියයි.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ සුපිරි අට වටයේ තවත් තරගයක් වන බටහිර ඉන්දය කොදෙව් කණ්ඩායම හා මෙවර පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට ඉන්දියාවේ වන්කඩේ ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතව තිබේ.

Read More

මරණකරු තම ත්‍රීරෝද රථයෙන් තවත් පුද්ගලයෙකු සමඟ කුලී ගමනක් යමින් සිටියදී ත්‍රී රෝද රථයේ ගමන්කල පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදුකර ත්‍රීරෝද රථය හා මුදල් රැගෙන පලා ගොස් ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇරත.

Read More

අධිවේගි මාර්ග පද්ධතිය ඉදිකිරිම සදහා දේශිය හා විදේශිය වශයෙන් රුපියල් මිලියන හැටඑක්ලක්ෂ, එක්දහස්තුන්සිය, හැත්තෑහතරක (611,374) ණය මුදලක් ලබාගෙන ඇති අතර පොලිය හැර මෙකි ණය මුදල ගෙවිම සදහා වසර 171කට අධික කාලයක් ගතවන බව අනාවරණය වි ඇත.

Read More

සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ලකුණු 51කින් පරාජයට පත්විය. එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 146ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හකිවූයේ ලකුණු 95ක් පමණි.

Read More

බුත්තල මොනරාගල මාර්ගයේ නාමණ්ඩිය නව ගම්මානය (මහගොඩයාය) ප්‍රදේශයේදී (16) වෙනිදා නිවසේ කාමරයක ඇති වූ ගින්නකින් පිළිස්සුම් තුවාල ලබා සිටි දැරියද මියගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ ජේ.එම් ඔනෙල්‍යා (03) නැමති දැරියකි.

Read More

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පා.ම. ජීවන් තොන්ඩමන් මහතාගෙන් ජනාධිපතිවරයාට අභියෝගයක්. ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා (22) දින කොටගල කෝවිලේ සංස්කෘතික ශාලාවේ පැවති එම පක්ෂයෙ විශේෂ රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියෝගයක් කරනු ලැබීය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සුපිරි අට දෙනාගේ වටයේ පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 146ට සිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රියේ පයාගලදී අද (22) උදෑසන කැබ් රථයක් ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ. මෙම අනතුරින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි. ඒ් අතරින් අවුරුදු 22ක් සහ 28 ක් වන තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නොනවතින වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ග ජලයෙන් යටවීම නිසා මඩකලපුවේ ජනතාවගේ සාමාන්‍ය ජීවිතයට බලපෑම් එල්ලවේ!

Read More

වි අලෙවි මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මගින් ගොවින්ගේ වි අස්වැන්න මිලදි ගැනිම සදහා වි ගබඩා මධ්‍යස්ථාන 18ක් විවෘත කොට ඇති බවත් මේ වනවිට වි කිලෝ දසදහසක් පමණ මිලදි ගෙන ඇති බැව් එහි ප්‍රාදේශිය කළමණාකරු ඉන්දික උපේන්ද්‍ර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ තවත් තරගයක් අද පස්වරු 3.00ට නුවර පල්ලෙකැලේ පිටියේදී පැවැත්විමට නියමිතය. සුපිරි අට දෙනාගේ වටයේ ආරම්භ කරමින් නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ ආර. ප්‍රේමදාස පිටියේ ඊයේ පැවැත්විමට නියමිතව තිබූ තරගයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

Read More

පවතින අධික වර්ෂාව සමඟ අද 22 උදෑසන බදුල්ල පස්සර මාර්ගයේ එකසිය තිස් දෙක වැනි කිලෝමීටර් කනුව ආසන්න ප්‍රදේශයේ දී මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වුවද ඒවා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය.

Read More

අකුරේගොඩදි නීතිඥවරයෙක් හා ඔහුගේ බිරි ඳ ව වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධව ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු හිටපු යුද හමුදා සෙබලෙක් බවත් ඔහු 2009 වසරේ ලබදුන් පොදු සමා කාලයේදී හමුදාවෙන් නීත්‍යානුූකූලව ඉවත්ව ඇති බවත් පොලිසිය නිවේදනය කරයි. මෙම සැකකරු ඊයේ සවස අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගත් අතර අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටය ආරම්භ කරමින් පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

Read More

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර ප්‍ර දේශයේදී සුපිරි වෙළ ඳ සැලක් ආසන්නයේ සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මධ්‍යම, ඌව, සබරගමුව පළාත් සහ අම්පොර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ආරම්භකොට වසර දෙකකට පසුව ඒකපාර්ශවීයව අවසන් කිරිම හේතුවෙන් එම ව්‍යාපෘතිය සදහා දරණු ලැබු රුපියල් මිලියන 5,978ක මුදල නිෂ්කාර්යය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

වීසා උපදේශන කටයුතු සිදුකරන මුවාවෙන් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන යමින් මුදල් වංචාකරන සිදුවීම් ගණනාවක් පසුගිය සමයේ වාර්තා වූ අතර, එම ආයතනවලට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් සිදුකරන වැටලීම් පුළුල් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.