නාවලපිටිය ප්රදේශයට අද(19) පස්වරුවේ අද හැලුන අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ ප්රධාන බස් රථ ගාල අඩි දෙකකට ආසන්න ප්රමාණයක් වැසි ජලයෙන් යට වී ඇත.
ජලය බැස යාමට යොදා ඇති නගරයේ කාණු පද්ධතිය අවහිර වීම නිසා ප්රධාන බස්රථ ගාලේ මෙසේ ජලය පිරීමට හේතු ව ඉඩ ඇති බව නගරවාසීන් පවසති.
සෑම වර්ෂාධික දිනයකදීම මෙම තත්ත්වය ඇතිවන නිසා බස් රථවලින් ගමන් කිරීමට පැමිණෙන පාසල් ළමයින් ඇතුළු මගී ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
