හෙට (20දා) සිට දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතිනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක තවදුරටත් දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, උතුරු මැද හා දකුණු පළාත්වල අද ප. ව. 1.00 න් පසු තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක
පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.