ඉන්දීය උප ජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් මහතාගේ මෙරට නිල සංචාරය හේතුවෙන් අද (19) සහ හෙට (20) යන දෙදින තුළ කොළඹ නගරය හා ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව, උප ජනාධිපතිවරයා අද (19) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතය.එතැන් සිට කටුනායක–කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ නගරය වෙත පැමිණීමට නියමිත අතර, ග්‍රෑන්ඩ්පාස්, ඔරුගොඩවත්ත හන්දිය, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී.එස්. සේනානායක හන්දිය, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම සහ ගාලු පාර ඔස්සේ ටාජ් සමුද්‍රා හෝටලයට ගමන් කිරීමට නියමිතය.
ඉන්දීය උප ජනාධිපති ගමන් ගන්නා කාලය තුල ඉහත ගමන් මාර්ගයන්හි ගමන් ගන්නා රථ වාහන සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කල හැක.